ගැබ් ගෙල පිළිකාව ගැන ඔබ දැනුවත් ද?

0
10


කාන්තාවන්ගේ ගර්භාෂය සහ යෝනි මාර්ගය එකිනෙක සම්බන්ධ වන කොටස ගැබ්ගෙල ලෙස හැඳින්වෙනවා. මෙම කොටසෙහි හටගන්නා රෝගයක් ලෙස ගැබ්ගෙල පිළිකාව හඳුන්වනවා. මෙය ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වැළඳෙන පිළිකා අතරින් දෙවැනි ස්ථානයට බහුළ පිළිකා වර්ගය යි. පූර්ව පිළිකා අවධියේදී හඳුනාගතහොත්, සම්පූර්ණයෙන්ම සුවකිරීමට හැකියාව තිබෙනවා. අවුරුදු තිස් පහත් පනහත් අතර කාන්තාවන් මෙයට ලක් වීමට වැඩි ඉඩක් තිබෙනවා.

ගැබ්ගෙල ආශ්‍රිතව හටගන්නා මානව පැපිලෝමා වෛරසය (Human papillomavirus or HPV) ආසාදනය වී දිගුකලක් පැවතීම නිසා ගැබ්ගෙල පිළිකාව ඇතිවීමට ඉඩ තිබෙනවා.

ඔබ ගැබ්ගෙල පිළිකා අවදානම් තත්වයක සිටීදැයි දැනගැනීමට කරන පරීක්ෂණයකි. මෙය සිදු කිරීමේදී වේදනාවක් අපහසුවක් දැනෙන්නේ නැහැ. මේ මඟින් පූර්ව පිළිකා අවධිය හඳුනා ගත හැකි අතර ඒ කාලයේ දී ගැබ්ගෙල පිළිකාව සම්පූර්ණයෙන් සුව කිරීමට හැකියාව තිබෙනවා. ඔබ වයස තිස් පහට වැඩි ලිංගික ක්‍රියා සිදු කළ කාන්තාවක් නම් මේ පරීක්ෂණය අනිවාර්යයෙන් සිදු කර ගන්න.

ඒ වගේම වයස තිස් පහ සපුරා නැතත් ඔබ විවාහක නම් හෝ ලිංගික සම්බන්ධතා පවත්වන්නියක නම් වසර පහකට වතාවක් පැප් පරීක්ෂණය සිදු කර ගන්න.

රජයේ රෝහල් වල ඇති සුවනාරී හෝ නාරිවේදීය සායන මගින් හෝ ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය (Medical Officer of Health Office or MOH Office) මගින් පවත්වන සුවනාරී සායන මගින් නොමිළේ පැප් පරීක්ෂණය සිදුකරගත හැකියි. එසේ නැතිනම් ඔබට පෞද්ගලික රෝහල් හරහා ද මෙය සිදු කරගත හැකියි.

ලංකාවේ වසංගත රෝග විද්‍යා අංශය මෙම එන්නත දැන් දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ කාලසටහනට ඇතුළත් කර තිබෙනවා. අවුරුදු 10-11 අතර ගැහැණු දරුවන්ට මෙම එන්නත මාත්‍රා 2ක් වශයෙන් (පළමු මාත්‍රාව විද මාස 6කින් දෙවැනි මාත්‍රාව) නොමිලේ ලබාදීම සිදුකරනවා.

ගැබ්ගෙල පිළිකා වැළඳීමේ අවදානම ඇති වයස් කාණ්ඩයේ සිටින කාන්තාවන්ටද මෙම එන්නත පෞද්ගලිකව ලබාගත හැකියි. එහෙත් එන්නතේ උපරිම සාර්ථකත්වය ලැබෙන්නේ ලිංගික සම්බන්ධවීම් වලට කලින් ලබාගැනීමෙන්. ප්‍රමාද වී එන්නත ලබා ගැනීමෙන් HPV මගින් ඇතිකරන රෝග වලින් යම් තරමක ආරක්ෂාවක් ලබාගත හැකි බව පිළිගැනෙනවා.

මේ එන්නත පාසල් දැරියන්ට ලබා දීම අරඹා තවමත් සුළු කාලයක්. ඉතින් ඔබ තවම විවාහ නොවූ තරුණියක් නම් විවාහයට පෙර මේ එන්නත් ලබා ගැනීමට අමතක කරන්න එපා.

-නිබන්ධිකා-



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here