පිළිසිද ගත් පසු එම යුක්තාණුව ගර්භාෂයට සවි වෙන විට මුත්‍රා වල Human chorionic gonadotropin (hcg ) නම් හෝමෝනය අඩංගු වෙනවා.මෙය ගර්භණි සමයේ පමණක් නිෂ්පාදනය වෙන හෝමෝනයක්.ගර්භනී සමයේ පළමු සති 8 සිට 10 දක්වා කාලය තුළ hcg මට්ටම සාමාන්‍යයෙන් ඉතා වේගයෙන් ඉහළ යනවා.ගර්භනීභාවයේ 10 වන සතියේදී මෙම මට්ටම් උපරිම මට්ටමට ළඟා වන අතර පසුව දරු ප්‍රසූතිය තෙක් එය ක්‍රමයෙන් පහත වැටෙනවා.
මුත්‍රා වල මෙම hcg මට්ටම හදුනාගැනීමෙන් ගර්භනී භාවය ගැන තීරණය කරන්න පුලුවන්.
මෙම පරීක්ෂණය නිවසේදි මෙන්ම රසායනාගාරයක් මගින්ද සිදුකර ගන්න පුළුවන්. ඔසප් වීමට නියමිත දින පසුවී සති 1 සිට 2 ඇතුලත මුත්‍රා වල hcg මට්ටම පරීක්ෂා කිරීමෙන් ගර්භණීභාවය පරීක්ෂා කරගන්න පුළුවන්. නමුත් ඔබ ඔසප් දිනය වැරදියට ගණනය ප්‍රතිඵල වැරදීමට පුලුවන්.
ඔබ නිවසේදීම මෙම පරීක්ෂණය කරන්නේ නම් මේ ආකාරයට කර ගන්න.
නමුත් ඔබ වැරදි ලෙස ඔසප් දින ගණනය කිරීම හෝ උපකරණය නිසි ලෙස භාවිතා නොකිරීම නිසා ඔබට වැරදි ප්‍රතිඵල ලැබෙන්නත් පුලුවන්. ඒ නිසා සැකයක් ඇත්නම් වෛද්‍යවරයෙක් හමු වී පරීක්ෂා කර ගන්න.
Saru FM Media