ගාසා හි ක්‍රියාත්මක වන එකම රෝහල වන අල්-අහ්ලි බැප්ටිස්ට් රෝහලට ඊශ්‍රායල් ප්‍රහාර

0
12


සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරයේ ක්‍රියාත්මක වන ප්‍රධාන වෛද්‍ය මධ්‍යස්ථානයවන අල්-අහ්ලි බැප්ටිස්ට් රෝහලේ දැඩි සත්කාර සහ ශල්‍යකර්ම ඒකක ඊශ්‍රායල ප්‍රහාරයකින් විනාශ වී ඇති බව හමාස් සංවිධානය නිවේදනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් ගාසාහි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබුණේ, ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) වෛද්‍යවරයෙකුට දුරකථන ඇමතුමක් දී ඉවත් කිරීමේ අනතුරු ඇඟවීමක් කළ බවයි.

2023 ඔක්තෝම්බර් මාසයේදී එම රෝහලටම එල්ල වූ ප්‍රහාරයකින් සිය ගණනක් මිනිසුන් මිය ගිය අතර අල්-අහ්ලි රෝහල ගාසා නගරයේ උතුරු කොටසේ අල්-ෂිෆා වෛද්‍ය සංකීර්ණය සහ රෝහල් විනාශ කිරීමෙන් පසු තවමත් ක්‍රියාත්මකව තිබු එකම රෝහලයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here