ගාසා සාම සමුළුව හෙට

0
1

ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසිගේ ප්‍රධානත්වයෙන් හෙට (13) පැවැත් වේ.

ඊජිප්තුවේදී හෙට පස්වරුවේ පැවැත්වෙන මෙම සමුළුව සඳහා ලොව රාජ්‍ය නායකයින් 20 දෙනෙකුට අධික පිරිසක් සහභාගී වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බ්‍රිතාන්‍ය, ඉතාලි, ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරුන් මෙන්ම ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ද සිය සහභාගීත්වය මේ වන විටත් තහවුරු කර ඇති අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරෙස් ද මෙම සමුළුවට සහභාගී වීමේ අපේක්ෂාවෙන් පසුවන බව සඳහන් වේ.

කෙසේවෙතත් ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එම සමුළුවට සහභාගී වන්නේ ද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් නිවේදනය කර නොමැත.

එමෙන්ම හමාස් සංවිධානය ද එම සමුළුවට සහභාගී නොවන බව වාර්තා වේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here