ගාසා තීරයට මූලික ආහාර ප්‍රමාණයක් ලබාදීමට ඊශ්‍රායලයෙන් තීරණයක්

0
2


සති 10ක අවහිරය අවසන් කරමින් ගාසා තීරයට මූලික ආහාර ප්‍රමාණයක් ලබාදීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබෙනවා.

ඊශ්‍රායල අගමැති කාර්යාලයේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ; ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ගේ නිර්දේශය මත සහ හමාස් සංවිධානයට එරෙහිව එහි අලුත් කරන ලද මිලිටරි ප්‍රහාරයට සහාය දැක්වීමේ අවශ්‍යතාවය මත මෙම පියවර ගත් බවයි.

ඒ, අනුව ආහාර ලබාදිම සඳහා සහන කණ්ඩායම් වෙත අවසර ලබාදීමට ඊශ්‍රායලය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ගාසා තීරය පුරා පුළුල් ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කර ඇති බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසු මෙය නිවේදනය කිරීම විශේෂත්වයක්.

ගාසා තීරයේ මිලියන 2.1 ක ජනගහනයක් අතර සාගතයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට ආධාර ආයතන අනතුරු අඟවා ඇති අතර, මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ දර්ශන සහ වාර්තා ද ඉහළ ගොස් තිබෙනවා.

අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලයේ ප්‍රකාශයේ සඳහන් වූයේ, සාගත අර්බුදයක් ඇති නොවන බව සහතික කිරීම සඳහා ගාසා තීරයේ ජනතාව සඳහා මූලික ආහාර ප්‍රමාණයක් ගෙන ඒමට ඊශ්‍රායලය මෙලෙස ඉඩ දෙන බවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here