Friday, May 9, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් ගාලු මුවදොර ඩ්‍රෝන වීඩියෝ ගත කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

ගාලු මුවදොර ඩ්‍රෝන වීඩියෝ ගත කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

0
13


galle-face-drone-chinese-man-arrested

කොටුව පොලිසිය විසින් අධි ආරක්ෂිත කලාපයක් අනවසරයෙන් ඩ්‍රෝන යානාවක් මගින් වීඩියෝ ගත කිරීමේ යෙදුණු චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. පොලිසිය විසින් සැකකරු සමඟ ඩ්‍රෝන යානාව හා එහි දුරස්ථ පාලකය ද තම භාරයට ගෙන ඇත.

කොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාට ලැබුණු තොරතුරකට අනුව, ගෝල්ෆේස් හෝටලය අසල රැඳී සිටි චීන ජාතිකයෙකු ඩ්‍රෝන යානාවක් ගුවන්ගත කරමින් සිටින බව දැනගැනීමෙන් පසු, කොටුව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ ද සිල්වා මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු ගාලු මුවදොර ප්‍රදේශයේ ඩ්‍රෝන යානාවක් ගුවන්ගත කරමින් අධි ආරක්ෂිත කලාපය වීඩියෝගත කරමින් සිටි බව පොලිසිය පවසයි. පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති පරිදි, මෙම චීන ජාතිකයා පසුගියදා 7 වැනිදා චීනයේ සිට සිංගප්පූරුවට ගොස් එදිනම රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, පෙරේදා (8) දහවල් 1.30 ට මාලදිවයින බලා යාමට නියමිතව සිට ඇත.

සැකකරු පොලිසියේ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇත්තේ ඔහු ගාලු මෝදර ප්‍රදේශයේ පරිසරයේ සුන්දරත්වය වීඩියෝගත කළ බවයි. වයස අවුරුදු 39ක් වන මෙම සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටි බව ද වාර්තා වේ.
කොටුව පොලිසියේ ස්ථානාධිපති දිලීප සී. පෙරේරා මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති රෝහණ ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
අධි ආරක්ෂිත කලාප තුළ අනවසරයෙන් ඡායාරූප ගැනීම හෝ වීඩියෝගත කිරීම ශ්‍රී ලංකාවේ නීතිය යටතේ තහනම් කර ඇති අතර, මෙවැනි ක්‍රියා රටේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් විය හැකි බව අදාළ නීති බලධාරීන් අවධාරණය කරයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here