Wednesday, May 14, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් ගාල්ල කොටු පවුරෙන් වැටී විශ්ව විද්‍යාලයේ සිසුවෙක් මරුට

ගාල්ල කොටු පවුරෙන් වැටී විශ්ව විද්‍යාලයේ සිසුවෙක් මරුට

0
9


university-student-dies-after-falling-from-galle-enclosure-wall

 ගාල්ල කොටු පවුරෙන් ඇද වැටී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පළමු වසර සිසුවෙකු මිය ගොස් ඇති බව ගාල්ල පොලිසිය නිවේදනය කර සිටී. මෙම අවාසනාවන්ත සිදුවීම ගාල්ල පැරණි ප්‍රදීපාගාරය අසල සිදුව ඇත.

පොලිස් වාර්තා අනුව,
මියගිය තරුණයා හපුගල, වක්වැල්ල ප්‍රදේශයේ පදිංචි විසි එක් හැවිරිදි ජනිත් චන්දුල ගමගේ නම් සිසුවෙකි. ඔහු ගාල්ල කොටුව නැරඹීම සඳහා තම විශ්ව විද්යාල මිතුරන් සමඟ එහි ගොස් ඇත.
ගාල්ල පොලිසිය විසින් කරන ලද මූලික විමර්ශනවලට අනුව, සිසුවා කොටු පවුර මත ගමන් කරමින් සිටියදී ඇද වැටී ඇති නමුත් ඔහු වැටෙන අවස්ථාව ඔහුගේ මිතුරන් කිසිවෙකු දැක නැති බව වාර්තා වී ඇත.ගාලු කොටුවේ සිට මුහුදට පනිමින් ත්‍රාස ජනක ක්‍රීඩාවේ යෙදන ස්ථානයේදී මෙම සිසුවා මුහුදට වැටී ඇතැයි ගාල්ල පොලිසිය සඳහන් කරයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ සිසුවා පොලිස් නිලධාරීන් විසින් වහාම කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇතත්, රෝහලට ඇතුළත් කරන විට ඔහු මිය ගොස් සිටි බව රෝහල් වාර්තා තහවුරු කරයි.
පොලිසිය දැනට සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී. මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හෝ මියගිය සිසුවාගේ පවුලේ අය තවමත් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here