ගාමිණි ලොකුගේගේ තැනට පිං පොං එයි !

0
10

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව සංවිධායකවරයා ලෙස විකට රංගන ශිල්පියෙකු ලෙස ප්‍රකට රජිත හිරාන් හෙවත් පිං පොං පත්කර තිබේ.

ඒ අනුව ඔහු පිළියන්දල පිහිටි පක්ෂ කාර්යාලයේදී සිය ආසනයේ දේශපාලන කටයුතු අද (29) ආරම්භ කර ඇත.

මෙම අවස්ථාවට ගායන ශිල්පී නාමල් උඩුගම මහතාගේ බිරිඳ වන රංගන ශිල්පිනී රුවන්ති මංගලා, රංගන ශිල්පී අර්ජුන් කමලනාත් ඇතුළු පිරිසක් එක්ව සිටි අතර රජිත හිරාන්ට සහ අර්ජුන් කමලනාත්ට මහින්ද රාජපක්ෂ යුගයේදී ශ්‍රී ලංකා යුද හමුදාවෙන් කලක් මුළුල්ලේ අයථා ලෙස මාසික වැටුප් සහ දීමනා ලබාදී ඇති බවටද චෝදනා එල්ල විය.

රාජපක්ෂ හිතවාදීන් ලෙස ඔවුන් ගෝඨාභය රාජපක්ෂවද බලයට ගෙන එම වෙනුවෙන් සක්‍රීයව මැදිහත් වූවන්ය.

කෙසේවෙතත් රජිත හිරාන් සහ අර්ජුන් කමලනාත් යන රංගන ශිල්පීන් දෙදෙනාම පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වූවා.

රජිත හිරාන්ට සහ අර්ජුන් කමලනාත්ට මහින්ද රාජපක්ෂ යුගයේදී ශ්‍රී ලංකා යුද හමුදාවෙන් කලක් මුළුල්ලේ අයථා ලෙස මාසික වැටුප් සහ දීමනා ලබාගත් බවටද චෝදනා එල්ල වුණා.

රාජපක්ෂ හිතවාදීන් දෙපලක් ලෙස කාලයක් පුරාවටම කටයුතු කළ ඔවුන් දෙදෙනා පසුගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමටද ක්‍රියාකාරීව එක්ව සිටියා.

රංගන ශිල්පිනියක ලෙස කටයුතු කළ රුවන්ති මංගලා ද රාජපක්ෂ හිතවාදිනියක් වන අතර ඇය 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ කඩුවෙල මැතිවරණ කොට්ඨාසයෙන් තරඟ කර පරාජයට පත් වූවාය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here