ග්‍රීසියට පනින්න හැදූ බංග්ලාදේශ තරුණයින් තිදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

0
12


කූඨ ලෙස සකස් කළ ග්‍රීක නේවාසික වීසා බලපත්‍ර භාවිත කරමින් ග්‍රීසිය වෙත පළා යාමට උත්සාහ කළ බංගලාදේශ ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ ඇති අතර ඔවුන් අවුරුදු 22, 24, සහ 25 වැනි වයස්වල පසුවන තරුණයන් තිදෙනෙක්.

මොවුන්  පසුගියදා (30) පස්වරුවේ බහරේන් බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානයකට පිවිසීම සඳහා කටුනායක ගුවන්තොටුපොළට පැමිණ තිබුණා.

එහිදී ගුවන් සේවා නිශ්කාශන කටයුතු සඳහා ඔවුන් ඉදිරිපත් කළ ග්‍රීක නේවාසික වීසා බලපත්‍ර පිළිබඳ සැක සිතූ ගුවන් සේවා නිලධාරීන් මොවුන් ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන්ට භාර දීමට පියවර ගෙන තිබෙනවා.

එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂණවලදී මෙම ග්‍රීක නේවාසික වීසා බලපත්‍ර ඉහළ තාක්ෂණික උපක්‍රම, සූක්ෂම ලෙස භාවිතා කර කූඨ ලෙස සකස් කර ඇති බව අනාවරණය වුණා.

එසේම මොවුන් බහරේන් වෙත ගොස් එතැන් සිට ග්‍රීසියේ ඇතැන්ස් නුවර බලා පිටත්ව යාමට සැළසුම් කර ගෙන තිබූ බව ද එම නිලධාරීන් සිදු කළ වාචික ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය කර ගැනීමට සමත් වී තිබෙනවා.

ඒ අනුව අත්අඩංගුවට ගත් මොවුන් තිදෙනා මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here