ග්‍රීන් ටී පානය සෞඛ්‍යයට හිතකරයිද?

0
15


Green tea එහෙමත් නැත්නම් හරිත තේ යනු ලෝකයේ වඩාත්ම ජනප්‍රිය සෞඛ්‍යමය පානයයි .එය cammelia sinensis නැමැති ශාකයෙන් ලබා ගන්නා අතර ග්‍රීන් ටී වල විද්‍යානුකූලව සනාථ කරන ලද සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසක් හිමිවන කැටචින් අඩංගු වනවා.ප්‍රති ඔක්සිකාරක වලින් පිරී ඇති ග්‍රීන් ටී වලට විවිධ සෞඛ්‍ය ගැටලු රැසකට එරෙහිව සටන් කිරීමේ හැකියාව තියෙනවා.විශේෂයෙන්ම ග්‍රීන් ටී වල අඩංගු වන EGCG ( Epigallocatechin gallate ) නැමති අද්විතීය ශාක සංයෝගය මගින් ඇති ශරීරයේ දැවිල්ල අඩු කිරීමට, බර අඩු කර ගැනීමට සහ හෘද හා මොළයේ රෝග වැළැක්වීමට උපකාරී වනවා.
අද අපි මේ ලිපියෙන් කතා කරන්නේ ග්‍රීන් ටී පානය කිරීමෙන් ඔබට ලබාගන්න පුළුවන් සෞඛ්‍යමය ප්‍රතිලාභ ගැනයි

ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් පමණ අධික බර හෝ තරබාරුවෙන් යුක්ත වෙනවා.ග්‍රීන් ටී වල ඇති EGCG ශරීරයේ මේදය අඩු කිරීම සහ ඉණ ප්‍රදේශය අඩු කිරීම සඳහා වඩාත් ක්‍රියාකාරී වනවා.ඒ වගේම ග්‍රීන් ටී පානය කිරීම නිසා කුසගින්න අඩු කිරීම සහ පාලනය කිරීමක් සිදු වනවා .මෙයද ශරීරයෙ බර අඩු කිරීම සඳහා හේතුවක් ලෙස දක්වන්නට පුළුවන් .ඒ වගේම ග්‍රීන් ටී පානය කිරීම නිසා තෙහෙට්ටුව අඩුවී ක්‍රියාශීලී බව වැඩිවන බැවින් වැඩි වේලාවක් ව්‍යායාම කර බර අඩු කර ගැනීමට හැකියාව ලැබෙනවා.

පාලනයකින් තොරව ශරීරය පුරා සෛල ඇතිවීම සහ අසාමාන්‍ය සෛල පැතිරීම මගින් පිලිකා හටගන්නවා .මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක ශරීරයට හානි කරන එවැනි සෛල මර්ධනය කිරීම සහ ඒවාට එරෙහිව සටන් කිරීම සිදු කරනවා.විශේෂයෙන්ම පියයුරු පිළිකා ,මහ බඩවැලේ පිළිකා ,ගැබ් ගෙල සහ පුරස්ථි ග්‍රන්ථි පිළිකා සහ පෙනහළු පිළිකා ආදිය හට ගැනීමට මූලික වන සෛලවලට එරෙහිව සටන් කිරීමට සහ ශරීරයේ ඇති විෂ ඉවත් කිරීමේ හැකියාව ග්‍රීන් ටී වලට තිබෙනවා

දියවැඩියා රෝගය ගෝලීය වසංගතයක් වන අතර 2045 වර්ෂය වන විට එය මිලියන 629 ක පමණ ජනගහනයකට බලපානු ඇති බව සමීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.ශරීරයට ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවීමට නොහැකිවීම පළමු වර්ගයේ දියවැඩියාව ලෙසත් ඉන්සියුලින් ප්‍රතිරෝධය දෙවන වර්ගයේ දියවැඩියාව ලෙසත් හඳුන්වනු ලබනවා.කෙසේවෙතත් ග්‍රීන් ටී වල අඩංගු EGCG මගින් ඉන්සියුලින් සංවේදීතාවය වැඩි කර රුධිරයේ සීනි මට්ටම පාලනය කරනු ලබනවා.දිනකට ග්‍රීන් ටී කෝප්ප දෙකක් හෝ තුනක් පානය කිරීම මගින් දෙවන වර්ගයේ දියවැඩියාව ඇති වීමේ අවදානම 42% කින් අඩු කර ගැනීමට හැකි වන බව සෑම මගින් සනාථ කර තිබෙනවා

හෘද රෝග ,ආඝාතය සහ හෘදයාබාධ බොහෝ මරණ වලට ප්‍රධානම හේතුව වෙනවා.අධික කොලෙස්ටරෝල් ,අධික තරබාරුකම සහ රුධිර පීඩනය මෙම රෝග වලට හේතුව ලෙස දක්වන්නට පුළුවන්.ග්‍රීන් ටී පානය කිරීම මගින් මෙවැනි රෝග තත්ත්වයන් පාලනය කිරීම සහ අඩු කිරීම සිදු කරන නිසා එමඟින් ඔබේ හෘදවාහිනී සෞඛ්‍ය වැඩි දියුණු කරගැනීමට හැකියාව තිබෙනවා

EGCG සහ l-theanine (හරිත තේ වල ඇති ඇමයිනෝ අම්ලය) ප්රතිඔක්සිකාරක ගුණ ඇති බව විද්යාඥයින් සොයාගෙන ඇත ( 42 ). මෙම සංයෝග ඔබේ මොළය ආරක්ෂා කිරීමට සහ මොළයේ ක්‍රියාකාරිත්වය, සංජානනය, මනෝභාවය සහ අවධානය වැඩිදියුණු කිරීමට උපකාරී වනවා.ග්‍රීන් ටී වල ඇති ස්නායු ආරක්‍ෂක ගුණාංග ස්නායු උත්පාදනය (නව නියුරයිට් සංශ්ලේෂණය) ඇති කරන අතර මොළයේ ඇති විය හැකි අක්‍රියතා මර්දනය කිරීමට උපකාරී වේ.

ග්‍රීන් ටී වල ඇති ප්‍රතිඔක්සිකාරක සමේ ඇතිවිය හැකි පිළිකා වලින් සම ආරක්ෂා කරන අතර සම වයසට යාම ප්‍රමාද කරවයි.ඒ වගේම ග්‍රීන් ටී වල ඇති ප්‍රති ගිනි අවුලුවන ගුණ මගින් සමේ ඇතිවන අහිතකර ප්‍රතික්‍රියා සහ , කුරුලෑ, ඉන්නන්, වැනි සමේ ඇතිවන තත්ත්වයන් පාලනය කරයි.

රූපලාවණ්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥයන් පවසන ආකාරයට ග්‍රීන් ටී සාරය හිස් කබලට යෙදීමෙන් හිසකෙස් ගැලවී යාම අවම කරනවා.ග්‍රීන් ටී වල අඩංගු සමහර සංඝටක මගින් හිස කෙස් වර්ධනය උත්තේජනය කළ හැකි අතර දිදුලන කෙස් කලඹක් ලබා ගැනීම සඳහාත් උපකාරී වනවා

අධි රුධිර පීඩනය හෝ අධි රුධිර පීඩනය නිසා ඇතිවන සංකූලතා මගින් වසරකට ජීවිත මිලියන 9.4 ක් පමණ අහිමි වනවා.දුර්වල ආහාර රටාවන්,වයස, ස්ත්‍රී පුරුෂ භාවය ,සහ ජානමය හේතූන් රුධිර පීඩනයට හේතු විය හැකිය.ග්‍රීන් ටී පානය කිරීමෙන් රුධිර පීඩනය අඩු කිරීමට හැකි වන අතර සිනිඳු මාංශ පේශීන් ලිහිල් කිරීමටද උපකාරී වෙයි .

ලෝකයේ මිලියන තුන්සියයකට අධික ජනතාවක් මානසික අවපීඩනය සමග කටයුතු කරන අතර මිලියන 40 ක ජනතාවක් කාංසාව නිසා පීඩා විඳියි. පර්යේෂණ මගින් සොයාගෙන ඇති ආකාරයට ග්‍රීන් ටී වල අඩංගු කැටචින් මානසික අවපීඩනය සහ කාංසාව වැනි තත්වයන් වල රෝග ලක්ෂන අඩු කිරීමට උපකාරී වේ.ඒ වගේම මේවා පානයෙන් ශරීරයේ නිපදවෙන ආතති හෝමෝනයන්ද අවම කරනවා.

වෙළඳපොලේ විවිධ වෙළඳ නාමයන් යටතේ ඇති ග්‍රීන් ටී අතරින් නිශ්පාදනයක් තෝරාගැනීමේදී ඔබ හොඳින් සැලකිලිමත් වන්නට ඕනෑ.මෙවැනි සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාගන්නට නම් ඔබේ තේරීම විය යුත්තේ හොඳ ගුණාත්මකභාවයකින් යුතු ග්‍රීන් ටී වර්ගයක්



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here