ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමට සැක දෙදෙනෙකු අල්ලයි

0
7

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත ඔර්ලෝසු කණුව අසලදී පසුගිය 05 වැනිදා යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිදුකළ විමර්ශනයක් මත අදාළ සැකකරුවන් දෙදෙනා මෙම අපරාධය සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව මත ඊයේ (07) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31 සහ 32 වයස්වල පසුවන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here