ගාසා තීරයේ වෛද්‍යවරුන් අට දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් රතු කුරුස සංවිධානය අප්‍රසාදය පළ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දකුණු ගාසා තීරයේ රෆා හි රාජකාරියේ යෙදී සිටියදී මෙම වෛද්‍යවරුන් අට දෙනා ඝාතනයට ලක්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
පසුගිය 23 වනදා අල්-හෂාෂින් හි පුද්ගලයින් නව දෙනෙකු රැගත් ගිලන් රථ පෙළකට දැඩි ප්‍රහාරයක් එල්ල වුණා.
එම ප්‍රහාරයෙන් මෙම වෛද්‍යවරු මියගිය බවටයි සැලකෙන්නේ.
පසුගිය ඉරිදා ඔවුන්ගේ සිරුරු සොයා ගත් අතර එක් වෛද්‍යවරයෙකු තවමත් අතුරුදහන් ව සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.
කෙසේ වෙතත් මෙම රථ පෙළට පහර දුන්නේ කවුරුන්ද යන්න හෙළිව නැහැ.
ජනවාරි මාසයේ ආරම්භ වූ සටන් විරාමයේ පළමු අදියර අවසන් වීමෙන් පසුව සහ ගිවිසුමේ දෙවන අදියර පිළිබඳ සාකච්ඡා ඇණහිටීමෙන් පසු පසුගිය මාර්තු 18 වන දින ඊශ්‍රායල ගාසා තීරයේ සිය හමුදා ප්‍රහාරය නැවත ආරම්භ කළා.
එතැන් සිට ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් 900 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
Saru FM Media