ගල් අඟුරු සැපයුම, ආණ්ඩුවේ පිරිසකට ‘රන් ආකාරයක්’ කරගැනීමේ උත්සාහයක්

0
3

දුෂිත බලශක්ති මාෆියාව ඉන්ධන, විදුලි හා ගල්අඟුරු ජාවාරම සඳහා යොදා ගන්නා මෙවලම ලෙස භාවිත කරන්නේ ‘හදිසි මිලදී ගැනීම්’ ය. 

එම ගණුදෙනු බහුතරයක් අන්ත දුෂිත ය. සමාන්‍ය ක්‍රමයට වඩා වැඩි මිලක් මිලක් ගෙවා ලාභ ලැබීමට බලශක්ති මාෆියාව කටයුතු කරයි. ඒ සඳහා සෑම විටම ඔවුන් ප්‍රකාශ කරන්නේ හදිසි මිලදී ගැනීම් සිදු නොකරන්නේ නම් රට අඳුරේ තැබීමට සිදුවන බවය.

නැවත වරක් විදුලිය කැපීමක් පිළිබඳ භීතිය මවමින් ස්පොට් ටෙන්ඩර් ක්‍රමය යටෙත් ‘හදිසි මිලදී ගැනීම් ලෙස’ ගල් අඟුරු නැව් 8 සිට 10 දක්වා  මිලදී ගැනීමට රජය උත්සහ දරයි.  

හදිසි මිලදී ගැනීම් බලශක්ති කේෂ්ත්‍රයේ දුෂිතයින්ට රන් ආකාරයකි. එය විදුලි මිල ඉහළ යාමට හේතු වන බැවින් විදුලි පාරිභෝගිකයාට ද, රටට ද විනාශයකි.  රටේ සම්පත් අන්ත දූෂිතයින් කිහිප දෙනෙකු අතට යාමට හේතුවකි. පැහැදිලිව ‘අල්ලස – දුෂණය’ යටතේ ගැනෙන වරදකි.

මේ වන විටත් ආණ්ඩුව ප්‍රශ්නකාරී ගල් අඟුරු මිලදී ගැනීමක් සිදු කර ඇත. මේ වන විට ගල් අඟුරු නැව් 6 ක් ලංකාවට මුහුදු සීමාවට පැමිණ ඇත. තවත් නැව් හතරක පැටවීම් ආරම්භ කර ඇත.

එසේ තිබියදී, හදිසි මිලදී ගැනීම් සිදු කිරීමට උත්සහ දැරීම තවත් අන්ත දූෂිත ගණුදෙණුවට අවස්ථාව සලසා ගැනීමකි.

නිසි වෙළාවට ඛනිජ තෙල් ආනයනය නොකර හදිසි මිලදී ගැනීම් ලෙස ඛනිජ තෙල් මිලදී ගැනීම පිළිබඳ නඩු විභාගයක් මේ වන විට ඇරඹී ඇත.  හදිසි මිලදී ගැනීම් ලෙස සිදු කළ ප්‍රමිතියෙන් බාල ඉන්ධන නිසා මෝටර් රථ විනාශ විය. ඩීසල් විදුලි බලාගාර මාෆියාව නිසා විදුලි බිල ඉහළ යන්නේය. යෝජිත ගල් අඟුරු හදිසි මිලදී ගැනීම් බහුරතයක් ද, එවැනිම දුෂිත ගනුදෙනු වෙති.

නිසි ක්‍රමවේදයකින් ගල් අඟුරු මිලදී ගැනීමට රජයට මාස 11 ක කාලයක් තිබුණි. එය සිදු නොකර දුෂිත හදිසි ගණුදෙනුවකට රජය උත්සහ දරයි.  මේ දුෂිත උත්සාහයන් වැලැක්වීමට අදාළ සියලු ආයතන පියවර ගත යුතුව ඇත.

✍️ – රෝහිණී කවිරත්න
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here