ගල් අඟුරු පාඩුව ජනතාව මත පටවන්නෑ – PUCSL

0
2

බාල ගල් අඟුරු හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයාගෙන් අය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර ඇත

විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලදි සලකා බලන්නේ විදුලි ජනනය, සම්ප්‍රේශණය සහ බෙදාහැරීම සඳහා වැයවන සාධාරණ පිරිවැය පමණක් වන බව එම කොමිෂන් සභාව පෙන්වා දෙයි.

එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය විදුලි ගාස්තු සංශෝධන තීන්දුවේදී ද ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් වැයවන අතිරේක පිරිවැය හෝ වෙනත් සාධාරණ නොවන පිරිවැය අනුමත කර නොමැති බවත් ඉදිරි ගාස්තු සංශෝධන යෝජනාවලදීද ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි පිරිවැය හෝ වෙනත් සාධාරණ නොවන පිරිවැය විදුලිගාස්තුවලට ඇතුළත් නොකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම ඒකමතිකව තීරණය කළ බවයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here