ගල් අඟුරු ප්‍රමිතිය පිළිබඳව ලක්විජය බලාගාරය විසින් නිකුත් කර ඇති ප්‍රමිති වාර්තා වන්ගේ විශ්වසනීයත්ව ප්‍රශ්න කරමින් තොරතුරු පනත යටතේ අයදුම්පත් කිහිපයක් යොමු කර ඇත.
‘Lakvijaya Power Station (LVPS) සහ ‘Lakvijaya Power Plant (LVPP) යන ආයතන ද්විත්වය විසින් ගල් අඟුරු ප්‍රමිතිය පිළිබඳ වාර්තා ගණනාවක් නිකුත් කර ඇත. එම වාර්තාවන් හි වැරදි, අඩුපාඩු පවතින අතර සැක සංකා මතුව ඇති බවත්, බාහිර පාර්ශව මෙම වාර්තා මත පදනම්න සිය නිරීක්ෂණ හා අදහස් දැක්වීම සිදු කරමින් සිටින බැවින් මෙම තොරතුරු වැදගත් වන වන බව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
මේ ගැන අදහස් දැක්වූ, කීර්ති තෙන්නකෝන් මහතා,
“මේ වන විට ගල් අඟුරු පිළිබඳ ප්‍රතිමිය පිළිබඳ ප්‍රසිද්ධ සාකච්ඡාව සිදුවෙමින් ඇත්තේ Lakvijaya Power Station (LVPS) හෝ/සහ ‘Lakvijaya Power Plant (LVPP) යන ලිපි ශිර්ෂ යටතේ නිකුත් කර ඇති ලේඛන මත පදනම්වයි. මෙයට අමතරව ලංකා ගල් අඟුරු සමාගම වෙත ජාත්‍යන්තර ප්‍රමිති සහතිකයක් සහිත ආයතන වෙතින් වාර්තා ලැබී ඇති නමුත් එම වාර්තා මේ දක්වා රජය මගින් හෝ වෙනත් පාර්ශව මගින් හෝ ප්‍රසිද්ධියට පත්වී නෑ.
මෙම වාර්තාවන් හි අඩංගු කරුණු ‘වැරදි හා නිසි ප්‍රමිතියක් නොමැති නම්’ මේ පිළිබඳ විෂය මුලික එලදායී තක්සේරුවක් ලබා ගැනීමට හැකියාවක් නෑ. ආණ්ඩු පාර්ශවය සිය වැරදි සහ අඩුපාඩු වසා ගැනීමට උත්සහ කරන බවක් පෙනෙන්නට ඇති අතර පසුගිය රජයන් ගේ අඩුපාඩු මතු කරමින් තර්ක කරයි. විපක්ෂය ද හුදෙක් මෙම වාර්තා මත පදනම්ව, එය විධිමත් විමසීමකින් තොරව අදහස් දක්වන බවක් පේනවා.
ගල් අඟුරු ආනයනය, මිලදී ගැනීමේ ක්‍රමවේදය සහ තත්වය පිළිබඳ ප්‍රශ්නය ජාතික වැදගත්කමක් සහිතය. බලශක්ති අවශ්‍යතාව සපුරා ලීම රාජ්‍යයකට පැහැර හැර නොහැකි වගකීමකි. ඒ සඳහා පදනම් වන වාර්තාවන් හි නිරවද්‍යතාවය පිළිබඳ ප්‍රමුඛ අවධානය යොමු කිරීම වැදගත්ය.
‘Lakvijaya Power Station LABORATORY TEST REPORT (LVPS) සහ ‘Lakvijaya Power Plant LABORATORY TEST REPORT (LVPP) සම්බන්ධයෙන් පහත නිරීක්ෂණ ඉදිරිපත් කළ හැකිය.
1. මෙම ආයතන ද්විත්වය එකම ආයතනයක් ද, එකිනෙකට වෙනස් ආයතන නමුත් අනන්‍යතාව හඳුණාගත නොහැකිය
2. මෙම වාර්තා කිහිපයකම දින/කාලය/වකවානු හි නිවැරදි නොවේ
3. මෙම පර්යේෂන ආයතන විධිමත් වාර්තා නිකුත් කිරීමට අවශ්‍ය ප්‍රමිති තත්වයන් සපුරා නැත
4. ඒ සඳහා වන පුහුණුව හා සහතික සහිත කාර්ය මණ්ඩලයක් මේ ආයතන සතුව සිටී ද යන්න පැහැදිල නැත.
5. ප්‍රසිද්ධියට පත් කර ඇති වාර්තා අවම වශයෙන් අයි.එස්.ඕ. ප්‍රමිතිය හෝ නොමැති බව නිරීක්ෂණය වේ.
6. තොරතුරු පනත යටතේ ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ගල් අඟුරු සමාගම, මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙතින් මා විසින් පහත විමසීම් සිදු කරණු ලැබීය.
තෙන්නකෝන් මහතා විසින් ඉල්ලා ඇති තොරතුරු අතර මෙම පර්යේෂනාගාරයේ තත්වය, ප්‍රමිතිය, සේවය කරන නිලධාරීන් සහ ඔවුන්ගේ සුදුසුකම්, වාර්තාවන්ගේ ඇති දත්ත සහ තොරතුරු පරස්පරතා සහ ඔවුන් සතු අධිකාරිමය බලය වැනි කරුණු ඇතුලත් වේ.
Saru News
















