ගල් අඟුරු ටෙන්ඩරේ මේ ආණ්ඩුව දැම්ම කියල කියන්නෙ පට්ට පල් බොරු – රවී කරුණානායක

0
2

ගල් අඟුරු සඳහා ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය තමා විදුලි බල අමාත්‍යධූරය දරන සමයේ හඳුන්වා දෙනු ලැබූවක් බව හිටපු මුදල් අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කියයි.

ඉතිහාසයේ ප්‍රථම වතාවට ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් ගල් අඟුරු ගෙන්වූ බවට ආණ්ඩුව ගෙන යන ප්‍රචාරය පට්ට පල් බොරුවක් බවද ඔහු කීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

“මහාජන උපයොගිතා කොමිසම ගියවර විදුලි බලමණ්ඩලය ඉල්ලිම් කරා මිල වැඩි කරන්න නමුත් දුන්නෙ නෑ. දැන් 13% වැඩි කරන්න ඉල්ලනවා. 

ගල් අගුරු ප්‍රශ්නය ගත්තාම ටෙන්ඩර් කැදව්වේ නැ කියලා කියනවා මම විදුලි බලශක්ති ඇමති ඉන්න කාලේ මේ ටෙන්ඩර් ක්‍රමයට රිපොට් කැදවිම ගෙනාවේ. දැන් 9 ක් ඇවිත් තියනවා ගල් අගුරු එකක් බානවා ඒ නමයෙම රිපොට්  එක අවුල්.
මෙහෙම වෙනකොට ගිවිසුම අත් හිටවන්න පුලුවන්. කවුරු හරි කියනවනම් ටෙන්ඩර් කැදව්වේ මේ කාලෙ කියලා එක අසත්‍යක්. ගල් අගුරු නැව් 37 ක් එන්න තියනවා. එක පරක්කු උනොත් නැවත පාඩුව ගනන් කරන්න වෙනවා. දැන් බිලියන 8 ක් පාඩුවක් තියනවා.”

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here