පසුගියදා සිදු කළ සංශෝධනයට හෝ ඉදිරියේදී සිදු කිරීමට නියමිත සංශෝධනයට ගල් අඟුරුවල තත්වය අදාළ කර නොගන්නා බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
එම කොමිෂන් සභාව පවසන්නේ විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලදි සලකා බලනුයේ විදුලි ජනනය, සම්ප්‍රේශණය සහ බෙදාහැරීම සඳහා වැයවන සාධාරණ පිරිවැය පමණක් වන බවය.
පසුගිය විදුලි ගාස්තු සංශෝධන තීන්දුවේදීද ගල් අඟුරු තත්වය හේතුවෙන් වැයවන අතිරේක පිරිවැය හෝ වෙනත් සාධාරණ නොවන පිරිවැය අනුමත කර නොමැති බවත් ඉදිරි ගාස්තු සංශෝධන යෝජනාවලදීද ගල් අඟුරු තත්වය හේතුවෙන් ඇතිවිය හැකි පිරිවැය හෝ වෙනත් සාධාරණ නොවන පිරිවැය විදුලිගාස්තුවලට ඇතුළත් නොකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම ඒකමතිකව තීරණය කළ බවත් එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.
0
Saru News












