ගල්පර්වත කඩාවැටී උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා

0
13


උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය සහ ඉදල්ගස් හින්න අතර දුම්රිය මාර්ගයට අද (7) රාත්‍රි විශාල ගල්පර්වත කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇති බව නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසනවා .

වර්ශාවත් සමග මෙසේ විශාල ගල්පර්වත දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති අතර මේ නිසාවෙන් බදුල්ල සිට කොළඹ කොටුව බලා අද (7) පස්වරු 6.30 ට ධාවනය වීමට නියමිතව ඇති අංක 1046 දරන රාත්‍රි තැපැල් දුම්රිය ප්‍රමාද වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ .

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වු අංක 1007 විශේෂ සීඝ්‍රගාමී දුම්රිය දැනට ඔහිය දුම්රිය ස්ථානයේ නවතා තබා තිබෙන බවද දුම්රිය පාලන මැදිරිය සඳහන් කර සිටියා .

දුම්රිය මාර්ගය ට කඩා වැටී ඇති විශාල ගල්පර්වත ඔහීය දුම්රිය මාර්ග අංශයේ සේවකයන් සහ යුධ හමුදා නිළධාරින් යොදවා ඉවත් කිරීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු ප්‍රකාශ කර තිබෙනවා .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here