නිශ්මං රණසිංහ ,මාර්තු 04 කොළඹ LNW:
වසර 220 ක ඉතිහාසයක් ඇති ගල්කිස්ස මවුන්ට් ලැවීනියා හෝටලය, ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය සමඟ වසර 87 ක් තිස්සේ එක්ව සංවිධානය කරන ගල්කිස්ස සැතපුම් 2 මුහුදු පිහිණුම් තරගය 2025 මාර්තු 7 සහ 8 යන දෙදින තුළ ගල්කිස්සේ දී පැවත්වෙනවා.ශ්‍රී ලංකාව වට කොට ඇති මුහුද සමඟ ක්‍රීඩාවක් හැටියට වැඩිම කාලයක් සම්බන්ධ ව තිබෙන මෙම ඉසව්ව සම්බන්ධයෙන් ගල්කිස්ස හෝටලයේ දායකත්වය අඛණ්ඩව තව දුරටත් පවත්වාගෙන යන බව එහි ප්‍රධාන විධායක නිලධාරී අනුර දේවපුර පවසනවා.ඔහු ඒ බව පැවසුවේ අදාළ ඓතිහාසික විවෘත මුහුදු පිහිණුම් තරගාවලිය ගැන මාධ්‍ය දැනුවත් කරමින් ගල්කිස්ස මවුන්ට් ලැවීනියා හෝටලයේදී පැවති මාධ්‍ය හමුවේදී ය.
‘මේක වටිනා ඉසව්වක්.මේක තව දුරටත් ශක්තිමත් කරන්නට නගරාධිපතිවරයා,නාගරික කොමසාරිස්වරයා යන අයත් එකතු වෙලා, මෙවැනි තවත් ඉසව් සංවිධානය කිරීම තුළින් ලංකාවේ සංචාරක කර්මාන්තයට විශාල ප්‍රගතියක් ළඟා කර ගත හැකියි.‘ මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් හෝටලයේ ප්‍රධාන විධායක නිලධාරියා පවසා සිටියා.
ඔහුගේ අදහස වඩාත් තහවුරු කරන්නට කාරණා තිබුණ බව පැහැදිළි කළේ ජල ක්‍රීඩා සංගමයේ මහින්ද ලියනගේ යි.ඔහු මෙවර කළමණාකරනය කර ගැනීමේ අඩුවක් පැවති නිසා නොහැකි වුවත්,ඉකුත් වසචෙීනයෙන් පමණක් 90 දෙනෙක් මේ තරගාවලියට සහභාගි වීමට පැමිණ සිටි බව මහින්ද පැහැදිළි කළා.
දකුණු ආසියාතික රන් පදක්කම්ලාභි ජෙෆාරි දූලපන්දන් තමයි මේ තරගාවලියේ තාක්ෂණ කමිටු ප්‍රධානියා හැටියට කටයුුතු කරනු ලබන්නේ.ඔහු පෙන්වා දුන්නේ දැඩි ආරත්ෂක වැඩ පිළිවෙලකින් සහිතව මේ තරගාවලිය පවත්වන්නට සැළසුම් කර තිබෙන බවයි.එසේම ලෝකයේ පැවත්වෙන විවෘත මුහුදු පිහිණුම් තරගවලදී කිලෝ මීටර් 5 සහ 10 යනුවෙන් භාවිතා වන බවත්,සාමාන්‍ය පොළව මතුපිට දකින්නට තිබෙන මැරතන් තරගය මෙන් දියේ දි ඒ කාර්යය සිඳුවන්නේ කිලෝ මීටර් 10 තරගයේදී බවත් ඩුල්පන්දන් පෙන්වා දුන්නා.එම කිලෝ මීටර් 10 තරග 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ද ඇතුළත්ව තිබෙන බවත් ඔහු ප්‍රකාශ කරනු ලැබුවා.
මේ වන විට එවැනි තරග ඇසුරෙන් ජාත්‍යන්තර තරගවලට සහභාගි වීම සඳහා ක්‍රීඩකයන් තෝරා ගෙන ඇති බව ද මේ වසරේ එවැනි ජ්‍යෙෂ්ඨයන් සඳහා වූ තරග 3 ක් සහ කණිෂ්ඨ තරගාවලියක් ද ලෝක මට්ටමෙන් සහ ආසියානු මට්ටමෙන් පැවත්වෙන බව ද ඩුල්පන්දන් ප්‍රකාශ කරනු ලැබුවා.
මහින්ද ලියනගේ පෙන්වා දුන්නේ පරිපාලනමය වශයෙන් මේ වන විටත් පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවන් හී ආධාර ගැනීමට අවශ්‍යය වැඩ පිළිවෙල සකස් කර ඇති බවය.ජීවිත ආරක්ෂක කණ්ඩායම් ද,විවිධ අවසර ලබා ගත යුතු ආයතනවලින්ද මේ සඳහා වන අවසරය ලබා ගැනීමට කටයුතු කර ඇති අතර මෙවර වන ජීවි අංශවලද අවසරය ලබා ගැනීමට කටයුතු කර තිබෙන බව ද මහින්ද අවධාරණය කරනු ලැබුවා.
මාර්තු 3 වන දින අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය ලෙස යොදා තිබුණත් එය මාර්තු 3 වන දා මධ්‍යම දහවල් 12.00 වන තෙක් දීර්ඝ කිරීමට ලැබුණු ඉල්ලීම් අනුව ක්‍රියා කර ඇති බව පෙන්වා දුන් ලේකම්වරයා තරග පැවත්වෙන 7 සහ 8 දෙදින තුළ වෙනස් පිහිණුමු අත්දැකීමක් ලබා දෙන්නට විවෘත පිරිමි සහ කාන්තා තරග අංශ ද,අවුරුදු 15 න් පහළ බාලක සහ බාලිකා තරග අංශ ද ගල්කිස්ස වෙරළේ සිට නැරඹීමට හැකි බවත් පවසා සිටියා.


The post ගල්කිස්ස මහා හෝටලයේ සහ පිහිණුම් අතර අසූ හත් වසක් නොකැඩී පවතින මුහුදු දීගය appeared first on LNW Sinhala.
Saru News










