Friday, May 16, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් ගල්කිස්ස බේකරිය හන්දියේ හෝටල් සේවකයකු ඝාතනය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹේ

ගල්කිස්ස බේකරිය හන්දියේ හෝටල් සේවකයකු ඝාතනය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹේ

0
3


police-investigations-begin-into-the-murder-of-a-hotel-employee-at-the-mount-lavinia-bakery-junction

ගල්කිස්ස, අත්තිඩිය බේකරිය හන්දියේ හෝටලයක සේවය කළ කෝකියකු වන අන්තෝනි සාමී ජේසුදාසන් (45) මහතා පහර දීමකින් මිය ගොස් ඇති බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය වාර්තා කරයි. අප්කේට් ස්ටෑන්ස්හි වතුයායේ පදිංචිව සිටි ජේසුදාසන් මහතා බේකරිය හන්දිය ආසන්නයේ බෝඩිම් කාමරයක් ඉදිරිපිට තුවාල සහිතව වැටී සිටින බවට 119 පොලිස් හදිසි ඇමතුම් දුරකථනය හරහා ලද පණිවිඩයක් අනුව ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිද්ධිය වාර්තා වූ ස්ථානයට පැමිණ ඇත.

පොලිස් පරීක්ෂක චමින්ද කූරඹගේ මහතාගේ


නායකත්වයෙන් යුත් විමර්ශන කණ්ඩායම තුවාල ලැබූ ජේසුදාසන් මහතා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කළ නමුත්, ඔහු රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විට මිය ගොස් තිබී ඇත.
මියගිය පුද්ගලයාගේ මුහුණ සහ පාදවල මතුපිටින් තුවාල දක්නට ලැබී ඇති අතර, නහයෙන් සහ මුවින් ලේ වහනය වනු දක්නට ලැබුණු බව පොලිසිය සඳහන් කරයි. ජේසුදාසන් මහතා නවාතැන් ගෙන සිටි බෝඩිං කාමරයේ ඔහු සමඟ එම හෝටලයේම සේවය කරන තවත් පුද්ගලයින් සිවු දෙනෙකු පදිංචිව සිටි බව සොයාගෙන ඇත. ඔවුන් අතර ඇතිවූ යම් ආරවුලක් හෝ ගැටුමක් හේතුවෙන් ජේසුදාසන් මහතා පහර කෑමට ලක්ව ඇතැයි පොලිසිය සැක කරයි.
මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව පොලිසිය සඳහන් කරන අතර,


ගල්කිස්ස කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන්ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ අදාළ පරීක්ෂණ පවත්වා ඇත.
ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද කූරඹගේ මහතා ප්‍රමුඛ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් විස්තීරණ පරීක්ෂණ සිදු කරමින් සිටී.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here