ගල්කිස්ස පොලිස් කොස්තාපල්ට ඇප

0
1

ගල්කිස්ස අධිකරණ භූමියේදී නීතිඥවරයෙකුට පහරදුන් බවට චෝදනාව මත අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (13දා) නියෝග කළේය.

එමෙන්ම අදාළ නඩුව යළි නොවැම්බර් 17 දක්වා කල් තැබීමටයි ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේකර මහතා නියෝග කළේ.

සිද්ධියට සම්බන්ධ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥ මඩුල්ලක් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here