
ගල්කිස්ස සහ ඒ අවට සිදුවන වෙඩි තැබීම් සහ මිනිස් ඝාතන බොහෝමයක් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බඩෝවිට අසංකගේ පාර්ශ්වය සහ කොස්මල්ලිගේ පාර්ශ්වය අතර ඇතිව තිබෙන මත්ද්‍රව්‍ය ආරවුල මත සිදුවන ඒවා බව මේ වන විට කරන ලද විමශ්නවලින් හෙළිවී හමාරය මෙවන් ඝාතන දිගින් දිගටම සිදුවීම නිසා ගල්කිස්ස, බඩෝවිට, දෙහිවල, ඕබන් පෙදෙස ආදී ප්‍රදේශවල සාමාන්‍ය පිරිස් ජීවත් වන්නේ කිසියම් බියකින් මෙන්ම තැතිගැනීමකිනි.
ඒ කොයි මොහොතේ තවත් වෙඩි තැබීමක් හෝ මිනිස් ඝාතනයක් සිදුවෙතැයි යන සැකය නිසාය.ගල්කිස්ස සහ ඒ අවටප්‍රදේශවල සිදුකළ වෙඩි තැබීම්වලින් මේ වන විට මියගිය ගණන 8කි. එම වෙඩි තැබීම්වල ආසන්නතම සිදුවීම ඉකුත් දා ගල්කිස්ස ශාන්ත සිල්වෙස්ටර් මාර්ගය අසල සිදුවිය.
තුවක්කුකරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්වූ 19 හැවිරිදි තරුණයකු වෙඩිකාගෙන ගාලු පාර දෙසට දිවයන අයුරුත් ඔහු පසුපස හඹායන තුවක්කුකරු නිරායුධ තරුණයා පන්නා ගොස් එම තරුණයාට වෙඩි තබා මරා දමන ආකාරයත් සී.සී.ටී.වී. කැමරාවල පැහැදිලිව සටහන් වූ අතර එම රූපරාමු මෙරට ලක්ෂ සංඛ්‍යාත පිරිස් විසින් නැරැඹුවේ “අනේ අපොයි” කියමින්ය. ඒ ඇත්තෙන්ම එය අමානුෂික ඝාතනයක් වූ නිසාය.
19 හැවිරිදි ප්‍රවීන් නිසංක නම් වූ මෙම තරුණයා දෙහිවල-ගල්කිස්ස නගර සභාවේ මාර්ග පිරිසුදු කිරීමේ නිරත වූ අයෙකි.ඔහු නගර සභාවේ සේවයට ගොස් ඇත්තේද මීට මාස පහකට පමණ පෙරය. ඔහු කිසිදු චෝදනාවකට ලක් නොවූ තරුණයකු බවද වාර්තා වේ.
දැනට පොලිසිය සැක කරන්නේ කොස්මල්ලි සහ බඩෝවිට අසංක පාර්ශ්වය අතර ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මොහු මරා දමා ඇති වුවකි.ඒ බව වඩාත් තහවුරු වන්නේ ප්‍රවීන් නිසංකගේ ඝාතනයෙන් පසු ඔහුගේ සහෝදරියකට එවූ වස්අප් පණිවුඩයක් හේතුවෙනි.එම පණිවුඩයෙන් පවසා ඇත්තේ මෙවැන්නකි. “උඹලා හිතුවේ කොස්මල්ලි එක්ක තියෙන සම්බන්ධ අපි දන්නෙ නැහැ කියලද… දැන් කොස්මල්ලිට කියපන් මල්ලිව ගෙනත් දෙන්න කියලා. මට නැතිවෙන්න දේවල් නැහැ. තව ගහනවා… පුළුවන් නම් නවත්තපන්” මෙම වස්අප් පණිවුඩය එවා ඇත්තේ බඩෝවිට අසංකගේ පාර්ශ්වයේ අයකු බව පොලිසිය සැක කරයි. ඒ අනුව විමර්ශන නිලධාර්න් සැක කරන්නේ ප්‍රවීන් නිසංක ඝාතනය එම පාර්ශ්වයෙන් එල්ල වූ ප්‍රහාරයක් බවය. මෙම වස්අප් පණිවුඩයත් සමඟ ගල්කිස්ස, බඩෝවිට, ඕබන් පෙදෙස ඇතුළු ප්‍රදේශ ගණනාවක පිරිස් ජීවත්වන්නේ කිසියම් බියකිනි.
බඩෝවිට අසංකගේ මෙන්ම කොස්මල්ලිගේ පාර්ශ්වයේ ඥාතීන් සමීපතයන්, හිතවතුන් මේ වන විට ජීවත් වන්නේ එවන් සැකසංකා සමඟිනි. සමහරු සිය නිවෙස් මඟහැර සිටින බවද වාර්තාවේ. පාතාල කුලී ඝාතකයන් දෙදෙනා දෙනෝදාහක් බලා සිටියදී 19 හැවිරිදි තරුණයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සී.සී.ටී.වී. දසුන් මේ වන විට විමර්ශන කණ්ඩායම් අතට පත්වී ඇත. ගල්කිස්ස පොලිසියේ නිලධාර්න් මෙන්ම බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාහුද එම සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ ඝාතකයන් දෙදෙනා හඳුනාගැනීමට දැඩි උත්සාහයක යෙදී සිටිති.
මියගිය තරුණයාගේ මවට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. එමෙන්ම පොලිස් විමර්ශකයන් පවසන්නේ ඇය සංවිධානාත්මක අපරාධකරුවකු වූ කොස්මල්ලි නමැත්තාගේ ඥාතිවරියක්ද බවකි. ඇය මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතව බවද පොලිසිය කියයි. ප්‍රවීන් මරාදමා ඇත්තේ මවගෙන් පළිගත නොහැකි නිසා බව කියැවේ. ප්‍රවීන් නිසංකට වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ 9 එම්.එම්. වර්ගයේ ගිනි අවියකිනි. මෙම ඝාතනයද මීට පෙර සිදුකළ ඝාතනයකට පළිගැනීමක් ලෙස සිදුවූවක් ද බවටද නිලධාහු සැක කරති.
විමර්ශන පවත්වන එක් නිලධාරියකු සඳහන් කළේ ප්‍රවීන් මරා දමන්නට දින තුනකට පෙර දෙහිවල ඕබන් පෙදෙසේදී එක් පුද්ගලයෙකු කපා කොටා දමා තිබු බවකි. එමෙන්ම ගල්කිස්ස හුළුදාගොඩ පාළු ඉඩමකදීද තියුණු ආයුධවලින් පහරදී තවත් පුද්ගලයකු මරාදමා තිබිණි. ඔහු රත්මලාන මහින්දාරාම පාරේ පදිංචි කාවින්ද හෙවත් ටිකිරා නමැති අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මෙන්ම බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීද විමර්ශන අරඹා තිබිණි. විමර්ශනයේදී හෙළිවන්නේ ටිකිරා ඝාතනයද බඩෝව්ට අසංක සහ කොස්මල්ලි පාර්ශ්ව දෙක අතර ඇතිව තිබෙන මත්ද්‍රව්‍ය ආරවුලක ප්‍රතිඵලයක් බවය. මියගිය ටිකිරා සංවිධානාත්මක අපරාධකරුවකු ඇටයා නමැත්තා දන්නා කියන අයෙකි. ඇයා බඩෝවිට අසංකගේ සමීපතයෙකි.
ටිකිරා ඝාතනයට ලක් වන්නේ වරෙක ඇටයා ඝාතනය කිරීම සඳහා යතුරුපැදිය පැදවූ සැකකරුවකු සමඟ ඇති වූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙසිනි. කෙසේ වෙතත් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ සැරයන් රජිත් ඇතුළු කණ්ඩායමක් ටිකිරා ඝාතනයේ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනකු ටිකිරා ඝාතනයට උපයෝගි කරගත් මන්නා පිහි දෙකක්ද සමඟ පසුගියදා අත්අඩංගුවට ගැනිණි. ටිකිරා ඝාතනයෙන් පසු ඉකුත් 5 වැනිදා උදෑසන ගල්කිස්සේදී ප්‍රවීන් නිසංක නමැති 19 හැවිදි තරුණයා වෙඩි තබා මරා දමා තිබේ. ඒ අනුව මෙම ඝාතන සියල්ලම කොස්මල්ලි සහ බඩෝවිට අසංක පාර්ශ්ව දෙක අතර ඇතිව තිබෙන ගැටුමක ප්‍රතිඵලයක් නිසා සිදුවූවක් බව විමර්ශන නිලධාහු විශ්වාස කරන අතර මෙම ඝාතනවලට එකට එක කිරීමක් ලෙස ඉදිරියේදී කොතැනකදී තවත් වෙඩි තැබීමක් හෝ මිනිස් ඝාතනයක් සිදුවෙතැයි සැක පළ කරන නිලධාරීහු එය වළකා ගැනීම සඳහා පියවර ගනිමින් සිටිති.
(කීර්ති මෙන්ඩිස්)
Saru FM Media