ගල්අඟුරු ගැටලුව සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපතිවරයා විසින් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.
ඒ අනුව විශ්වාසභංගයෙන් පසුව මෙම විශේෂ විමර්ශන කොමිෂන් සභාව පත් කරන බවත්, ඒ සඳහා දැනට සේවයේ නියුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා,
”මේ විශ්වාසභංගයෙන් පස්සේ ජනාධිපතිතුමා විසින් පත්කරනවා විශේෂ කොමිෂන් සභාවක්.. ඒ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවල තිබෙන විශේෂත්වය තමයි ඒකට පත් කරන්නේ දැනට ඉන්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරු.. විශ්‍රාම ගිය අය නෙමේ.. 2009 ඉඳලා ගල් අඟුරු ගේනවා මං හිතන්නේ 465ක් විතර.. ඒවගෙන් 452ක් ගෙනත් තියෙන්නේ ඕගොල්ලෝ, අපේ කාලේ ගෙනත් තියෙන්නේ දහතුනයි. අපි මේ ඔක්කොම බලමු… ඔක්කොම බලලා වැරදිකරු වුණොත් ඕගොල්ලෝ හිරේ යන්න ලෑස්තිද?.. 2009 ඉඳන් සම්පූර්ණ ගල් අඟුරු ක්‍රියාවලිය පරීක්ෂා කරනවා… පරීක්ෂා කරලා ජයකොඩි ඇමතිතුමා වැරදී නම් එතුමා හිරේට යයි. එහෙම නොවුණොත් ඔබතුමාලා වැරදි වුණොත් ඔබතුමාලා හිරේ යයි. ඒ නිසා අන්න ඒ සඳහා අපි කටයුතු කරමු.”
Saru News















