ගල්අඟුරු නැව් පිළිබඳ PUCSL වාර්තාව ආංශික අධීක්ෂණ කමිටුවට භාරදෙයි

0
2

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු නැව් නවයක් ආනයනය කිරීම හේතුවෙන් මෙරටට සිදු වූවා යැයි පැවසෙන ආර්ථික හා තාක්ෂණික බලපෑම පිළිබඳව පරීක්ෂණ මට්ටමේ පවතින අතර, මෙම ගැටලුව සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම විසින් අදාළ අංශික අධීක්ෂණ කමිටුව වෙත නිල වාර්තාවක් ද මේ වන විට ඉදිරිපත් කර ඇත.

අඩු ගුණාත්මක තත්ත්වයේ ගල්අඟුරු භාවිත කිරීම නිසා පොදු මහජනතාව මත රුපියල් බිලියන 1.8 කට අධික මූල්‍ය බරක් පැටවී ඇති බව මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දෙයි.

මෙම අහිතකර ගල්අඟුරු තොග නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර සඳහා යොදාගැනීමෙන් ඉදිරියේදී බරපතළ හානි සිදු විය හැකි බව බලශක්ති විශේෂඥයන් විසින් දැඩි ලෙස අනතුරු අඟවා තිබේ.

එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් යුත් අංශික අධීක්ෂණ කමිටුව මඟින් අඩු ගුණාත්මක ගල්අඟුරු භාවිතයෙන් විදුලි බලය නිෂ්පාදනය කිරීම හේතුවෙන් සිදු වූ සැබෑ මූල්‍ය අලාභය ගණනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට මහජන උපයෝගීතා කොමිසම වෙත උපදෙස් ලබා දී තිබුණි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here