ගර්භාෂය යනු ස්ත්‍රී සිරුරේ ඇති පෙයාස් ගෙඩියක හැඩය ඇති ශ්‍රෝණි කුහරයේ පවතින අවයවයකි. කලලය වර්ධනය වන්නේ මේ ගර්භාෂය තුළයි. ගර්භාෂයේ ඇතිවන පිළිකාමය තත්ත්වය Endometrial cancer ලෙස හඳුන්වන අතරම මෙම පිළිකා වර්ගය ගර්භාෂයේ ඇතුල් ස්ථරයේ (අන්තෝචක්වාලය – Endometrium) වර්ධනය වීම සිදු වේ. මේ ගර්භාෂගත පිළිකා තත්ත්වයන්ට නිෂ්චිත හේතුවක් කිව නොහැකි මුත් ගර්භාෂ ආස්තරයේ සෛලවල ඇති DNA තුළ ඇතිවන වෙනසක් නිසා ඇතිවන බවට විශ්වාස කෙරේ.
ගර්භාෂගත පිළිකා තත්ත්වයේදී පෙන්නුම් කරන ලක්‍ෂණ ලෙස ආර්තවාභාවයෙන් පසු යෝනි රුධිරවහනය, ආර්තව චක‍්‍ර දෙකක් අතර ඇති වන රුධිරවහනය මෙන්ම ශ්‍රෝනිය/උකුල ආශ‍්‍රිත වේදනාව දැක්විය හැකියි.
ගර්භාෂගත පිළිකා තත්ත්වයට අවධානම් සාධක
ඩිම්බකෝෂ මගින් ඊස්ට‍්‍රජන් හා ප්‍රොජෙස්ටෙරෝන් යන ප‍්‍රධාන ස්ත‍්‍රී හෝමෝන දෙක ශ‍්‍රාවය කරයි. මෙම හෝමෝන දෙකේ සමබරතාවයේ වෙනස් වීම් මත ගර්භාෂ ඇතුලත ස්ථරයෙහි වෙනස්කම් සිදුවේ. ඊස්ට‍්‍රජන් හෝමෝන ශ‍්‍රාවය වැඩිවීමේ රෝග හෝ තත්ත්වයන් මගින් මෙම අවදානම වැඩි කරයි. ප්‍රොජෙස්ටෙරෝන් හෝමෝන මට්ටම මීට බලනොපායි.
උදා: අක‍්‍රමවත් ඩිම්බ මෝචනය – මෙමගින් Polycystic ovary syndrome, තරබාරු බව, දියවැඩියාව ඇති කරයි.
ආර්තවාභාවයෙන් පසු ඊස්ට‍්‍රජන් හෝමෝනය ගැනීමද අවධානම් වැඩි කරන හේතුවකි. කලාතුරකින් ඇති වන ඩිම්බ කෝෂයේ ගෙඩි මගින් ඊස්ට‍්‍රජන් ශ‍්‍රාවය වීමද ගර්භාෂ පිළිකා සඳහා හේතු වේ.
2.දිගු කාලයක් ආර්තවය සිදුවීම
වයස අවුරුදු 12 අඩු කලකදී වැඩිවිය පැමිණීම එනම් ආර්තවය/ඔසප් චක‍්‍රය ආරම්භය මෙන්ම ආර්තවාභාවය ප්‍රමාද වීම ගර්භාෂ පිළිකා අවධානම වැඩි කරයි.
3.ගර්භණී නොවීම
එක් වරක් ගැබ්ගෙන ඇති කාන්තාවට වඩා ගැබ් නොගෙන සිටින කාන්තාව ගර්භාෂගත පිළිකා තත්ත්වයට අධි අවධානමක සිටී.
4.වයස්ගත වීම
බොහෝමයක් ගර්භාෂගත පිලිකා ඇති වන්නේ ආර්තවාභාවයෙන් පසුවය.
5.තරබාරු බව – Obesity
තරබාරු බව නිසා අමතර මේදය මගින් ශරීරයේ හෝමෝනවල සමබරතාවය වෙනස් වීම අවදානම් සහගතය.
6.පියයුරු පිළිකා සහා හෝමෝන ප‍්‍රතිකාර
7.ආරය මගින් ඇතිවන මහන්තක – ගුද පිලිකා
(NON polyp sis colorectal Cancer – HNPCC) මෙය lynch Syndrome ලෙසද හුන්වයි.
ගර්භාෂගත පිළිකා තත්ත්වය හදුනා ගැනීම
ශ්‍රෝණි පරීක්‍ෂණය
ගර්භාෂ පිළිකා අවස්ථා වර්ග කිරීම සදහා (වර්ග 0-IV) biopsy, chest X-ray, CT හෝ MRI Scan උපකාරී වේ.
ගර්භාෂගත පිළිකා තත්ත්වය සදහා ප‍්‍රතිකාර
මේ තත්ත්වවයේදී ප‍්‍රතිකාර එකක් හෝ කිහිපයක් අනුගමනය කරයි. ප‍්‍රතිකාර රදා පවතින්නේ පිළිකාවේ මට්ටම අනුවයි.
ගර්භාෂය, පැලෝපීය නාල, ඩිම්බ කෝෂ ඉවත් කිරීමට Total Abdominal Hysterectomy & Bilateral Salphingo Oopharectomy (TAH + BSO). මෙහිදී අදාල වසා ගැටිතිද ඉවත් කරයි.
2.ඖෂධ ප‍්‍රතිකාර – Chemotherapy
3.විකිරණ ප‍්‍රතිකාර
මෙහිදී බාහිර – Teletherapy, අභ්‍යන්තර – Brachy Therapy ලෙස ප්‍රතිකාර ලබාදේ.
4.හෝමෝන ප‍්‍රතිකාර – ප්‍රොජෙස්ටෙරෝන් හා ඊස්ට‍්‍රජන්
Saru FM Media