ගර්භනී සමයේදී සුරතලයට සතුන් ඇති කරන ඔබට..

0
12


දරුවෙකු පිලිසිඳ ගත් පසුව ඒ දරුගැබ මහත් සෙනෙහසින් රැක බලා ගන්නා ඔබ කියවිය   ලිපියක් මේ.

ටොක්සොසොප්ලාස්මෝසිස්.”

සුරතල් පූස් පැටවුන්ට කවුද අකමැති.ඒත් ඔබ ගැබිනි කාන්තාවක් නම් පූසන් ගෙන් වැලඳෙන මේරෝගය ගැන අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතුමයි.

මේ රෝගය බෝවන්නේ ටොක්සොසොප්ලාස්මාගොන්ඩි පරපෝෂිතයා විසින්. මෙම පරපෝෂිත රෝග කාරකය බළල් මලපහවලින් අපවිත්‍ර වූ පස් තුල මෙන්ම එම පස් සහ ඒ ආශ්‍රිත දේවල් ආහාරයට ගන්නා එලුවන්, ගවයින් , ඌරන් වැනි සතුන්ගේ මස්වලද ඇතුලත් විය හැකියි.

සාමාන්‍ය පුද්ගලයෙකුට වුවද මේ රෝග කාරකයමගින් උණ, හිසරදය වැනි තත්වයන් ඇතිවෙනවා. එහෙත් සිරුරේ ප්‍රතිශක්තිය හීන පුද්ගලයෙකුට ටොක්සොසොප්ලාස්මාඑන්සපලයිටිස් , උගුරේ වේදනාව, මාංශ පේශී වේදනාව ඇතිවිය හැකියි.

ගැබිණියන් ආශ්‍රිතව මෙය ඉතාමත්ම අවදානම් තත්වයක් ලෙස සලකනවා. පූර්ව ප්‍රසව සමයේදී මෙය ඉතාමත්ම අවදානම්.මවගේ සිරුරෙන් දරුවාගේ සිරුර ආක්‍රමණය කිරීමට පරපෝශිතයාට හැකියි.

සමහර ගැබිනි මව්වරුන්ට මෙහිදී කිසිම රෝගී තත්වයක් පෙන්නුම් නොකරන අතර සමහරෙකුට උණ රෝගය සහිතව වසාගැටිති ඇතිවෙනවා.

එහෙත් කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වුවදරෝගකාරකයාට ගැබිනියගේ සිරුරෙන් ඇතුලු වී කලලයට හානි කරන්නට හැකියි

රෝගකාරකය නිසා දරුවාගේ මොලයට,
ස්නායු පද්ධතියට හානි සිදුවෙනවා. ඒ නිසා අන්ධබව,  මානසික දුර්වලතා, නිසි කලට පෙර බිහිවීම,  අඩුබර, උපත ලද වහාම මියයාම, විවිධ විකෘතිතා සමග ඉපදීම,  පසු කාලීනව කෙමෙන් ඇතිවිය හැකි ඇස් පෙනීමේ දුර්වලතා, දරුවා කුස තුලම මිය යාම, වලිප්පුව, අඩු සති ගණනකින් ගබ්සාවීම වැනි තත්වයන් ඇතිවෙන්න පුලුවන්.

-චම්මි-



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here