විවාහයෙන් පසු මව් පදවියට ලබන්න පෙර බොහෝ යුවතියන් සැලසුම් සකස් කරනවා .ඔබ ආර්ථික සහ සමාජ තත්වය ගැන බොහෝ සැලසුම් හදලා දරුවෙක් ගැන හිතනවා වගේම සෞඛ්‍ය අතින් හිතන්න ඕනෑ කාරණාත් බොහොමයක් තියෙනවා. අන්න ඒ කාරණා සම්බන්ධයෙන් විශ්‍රාමික හෙද නිලධාරිනියක් වෙන සුධර්මා උයන්හේවා මහත්මිය ඔබව දැනුවත් කරන්නේ මෙහෙමයි.
අපි ගන්නා ආහාර වල දැන් එතරම් පෝෂණ ගුණයක් නැහැ. ඒ නිසාම වර්තමානයේ ආහාර වලින්ම අපට අවශ්‍ය විටමින් හා ඛනිජ ලවන ලබා ගැනීමට අපහසු යි. ඒ නිසා මවක් වෙන්න සැලසුම් කරන ඔබ අනිවාර්යයෙන් පිලිසිඳ ගැනීමට පෙර ෆෝලික් ඇසිඩ් ලබා ගෙන තිබීම ඉතාමත් වැදගත්.. ගර්භණී බව ලබන්න සූදානම් වන කාන්තාවක් නම් ඔබ, ෆෝලික් ඇසිඩ් ටැබ්ලට් එකක් අනිවාර්යයෙන් ලබා ගන්න ඕනෑ. බබාගේ ස්නායු පද්ධතිය නිර්මාණය කරන්න ෆෝලික් ඇසිඩ් වලින් විශාල කාර්යයක් ඉටු කරනවා. කලින් නිර්දේශ කළේ විවාහයට මාස තුනකට පෙර ෆෝලික් ඇසිඩ් ගන්න වුණත් ඇත්තටම දියණියක් වැඩිවියට පැමිණි දා ඉඳන්ම ෆෝලික් ඇසිඩ් ටැබ්ලට් එකක් ගැනීම ඉතා හොඳයි කියල වර්තමානයේ නිර්දේශ කරනවා. නමුත් අවමව විවාහයට මාස තුනකට කලින් හෝ ෆෝලික් ඇසිඩ් ටැබ්ලට් එක ගන්න. විවාහ වූ මුල් දිනවලම සමහර කාන්තාවන් ගර්භනී වන නිසා ඒ අවස්ථාවට පෙර සිටම ෆෝලික් ගෙන තිබීම වැදගත්.
කුඩා කාලයේ ගැහැණු දරුවන්ට රුබෙල්ලා එන්නත ලබා දෙනවා. එය ලබා ගන්න නොහැකි වුණානම් විවාහ වූවාට පසු හෝ ලබා ගන්න. එන්නත විදීමෙන් පසු මාස තුනක් යනතුරු දරු පිළිසිඳ ගැනීමකට ලක් වෙන්න එපා.
බොහෝ ජානමය රෝග ඇතිවීමට මූලික බලපාන කාරණයක් නිසා මේ කාරණය ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්.
මවකගෙ අඩු බර හා පෝෂණ ඌනතා දරුවාගේ වර්ධනයටත් සෘජුවම බලපානවා.විශේෂයෙන්ම උසට සරිලන බර ඉතාම වැදගත්. උසට සරිලන බර අවම මට්ටමක තිබෙන මවකගේ දරුවන් අඩු බර දරුවන් ලෙස ඉපදීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා.ඒ නිසා අවම බර කිලෝ 45 වත් මවක් වෙන්න කලින් පවත්වා ගෙන යන්න සැලකිලිමත් විය යුතුයි. අධික බර සහිත නම් bmi එක අනුව හැකිතාක් නියමිත බරට එන්න සැලසුම් කරන්න.
බෝ නොවන රෝග ඇති වීමේ ඉඩ අවුරුදු තිස් පහෙන් පසු වැඩි නිසා පිළිසිඳ ගැන්මකට ඒ වයස් සීමාවට පෙර යොමු වන්න. අවම වශයෙන් පළමු පිළිසිඳ ගැනීමවත් වයස අවුරුදු 35 පෙර සිදුවීම ඉතාමත් වැදගත්..
තයිරොක්සින්, දියවැඩියාව සහ අධික බර වැනි තත්ව ඇත්නම් ඒවා පාලනය කර ගන්න.
විකිරණ අංශයේ රැකියා කරනවා නම් ඔබේ ආයතන ප්‍රධානින් සමඟ සාකච්ඡා කර අවශ්‍ය පිළියම් ලබා ගැනීමත් ඉතා වැදගත්.
මේ කාරණා ගැන සැලකිලිමත් වී දරුවෙකු ගැන හිතන්න. ඔබට නිරෝගී දරුවෙකුගේ සිනා දකින්න හැකි වේවි.
ඔබේ සුන්දර සිහිනය වෙනුවෙන් ස්මාර්ට්ලේඩි අපේ සුබ පැතුම්!
Saru FM Media