ගර්භණී සමයේ රුධිර පට්ටිකා අඩුවීම (Gestational/Incidental Thrombocytopenia) යන මේ තත්ත්වය ගර්භණී කාන්තාවන්ට බහුලව ඇතිවන තත්ත්වයකි. සාමාන්‍ය පුද්ගලයෙකුගේ රුධිර පට්ටිකා ප‍්‍රමාණය 1,50,000/ml – 400,000/ml දක්වා වේ. එම ප්‍රමාණය 1,50,000 ට වඩා අඩුවීම මෙලෙස මේ නමින් හඳුන්වයි.
ගර්භණීතාවයේ පළමු ත්‍රෛමාසිකය තුළ සාමාන්‍යයෙන් රුධිර පට්ටිකා ප‍්‍රමාණය 2,50,000/ml දක්වා අඩු වේ. දරු ප‍්‍රසූතියේදී මෙය 2,25,000/ml දක්වා පමණ දක්වා අඩුවිය හැක. නමුත් එම අඩුවීම මගින් මවට හෝ දරුවාට හානියක් සිදු නොවේ.
සාමාන්‍යයෙන් භෞතවේදිය ලෙස රුධිර පට්ටිකා ප‍්‍රමාණය අඩුවන්නේ,
රුධිර පට්ටිකා ප‍්‍රමාණය 100,000/ml ට වඩා අඩුවීම සමහර විට තීව‍්‍ර වෛද්‍යමය හේතුවක් නිසා ද විය හැක. මීට අමතරව ගර්භණී සමයේදී රුධිර පට්ටිකා ප‍්‍රමාණය අඩුවීම සඳහා හේතු වන ප්‍රධාන සාධක දෙකකි.
ගර්භණී කාලයේදී භ්‍රෑණයාගේ අපද්‍රව්‍ය මවගේ රුධිරයට විසරණය වේ. මේ නිසා මවගේ ප්ලීහාව අධි ක‍්‍රියාකාරීත්වයට පත් වී විශාල වේ. සාමාන්‍යයෙන් ප්ලීහාව මගින් අපද්‍රව්‍ය පෙරීම හා ඉවත් කිරීම සිදු වේ. අනවශ්‍ය අපද්‍රව්‍ය රුධිරයේ ප‍්‍රමාණයට වඩා වැඩි වූ විට ප්ලීහාව මගින් ඉතා ඉක්මණින් රුධිර සෛල ඉවත් කිරීම හෝ රුධිර පට්ටිකා ගබඩා කිරීම සිදු කරයි. මේ හේතු නිසා අධි ක‍්‍රියාකාරී වන ප්ලීහාව මගින් සංසරණය වන පට්ටිකා ප‍්‍රමාණය අඩු වේ.
ගර්භණීභාවයේදී හෝ වෙනත් අවස්ථාවලදී රුධිර පට්ටිකා අඩුවීමට හේතු
රුධිර පට්ටිකා අඩු වූ විට පෙන්නුම් කරන ලක්‍ෂණ
රුධිර පට්ටිකා අඩු වීමකදී සාමාන්‍යයෙන් පහත ලක්‍ෂණ දැකිය හැකිය.
ගර්භණී සමයේදී රුධිර පට්ටිකා වැඩි කිරීමට ගත යුතු ආහාර
රුධිර පට්ටිකා අඩුවන ආහාර
කුරුණෑගල, පළාත් මහා රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ සූතිකා පුහුණුව ලැබූ හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද ලිපියකි.
Saru FM Media