ගර්භණී ඔබට සුවපහසු වගේම සුන්දර බවත් ලබාදෙන ඇඳුම් නිවැරදිව තෝරා ගනිමු.

0
11


පුංචි පැටියෙකුට ජීවිතය දෙන්න සූදානම් වෙනවා කියන්නේ සුන්දර වගේම වෙනස් අත්දැකීමක්. ගැබිනි කාලයේ හැම තීරනේම එන්න ඉන්න පැටියාගේ සුවපහසුව ගැන හිතලා නිසා ඇඳුම් ගැනත් අම්මලා විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. ඒ වගේම ශාරිරික වෙනස්කම් එක්ක ගැබිනි බව සුන්දර ලෙස ලොවට විදහා පෙන්වන්වන්න මේ ගැබිනි ඇඳුම් විලාසිතා නිසා පුලුවන්. ඉතින් අපි අද කතා කරන්න ගැබිනි සමයේ ඔබට ගැලපෙන ඇඳුම් විලාසිතා ගැන. ගැබිනි ඔබට වගේම ගැබිනි නොවන ඉක්මනින් දරු සුරතල් බලන්න හිතන අනෙක් අයටත් මේ දේවල් දැනගෙන ඉන්න එක වැදගත් වේවි.

දවසින් දවස මෝරන කුසත් එක්ක තව දුරටත් ඔබ ඇඳපු ඇදුම් ඔබට නොගැලපෙන්න පුලුවන්. ඒ වගේම හෝමෝන නිසා ශරීරයේ ඇතිවන ආසාත්මිකතා, උශ්නත්වය ඉහල යෑම ගැනත් ඔබට සැලකිලිමත් වෙන්න වෙනවා. ඒ කියන්නෙ ඔබ අලුත් ඇඳුම් වලට යොමු වෙන්න කාලේ හරි. ගැබිනි සමය කියන්නේ ජීවිතේ ලස්සනම කාලයක් නිසා ලස්සනටම අඳින්න අමතක කරන්න එපා.

මේක ගැබිනි ඔබට අනිවාර්‍යෙන්ම ඇඳුම් ගන්න ගියාම ඔලුවට එන ප්‍රශ්නයක්. ඒ වගේම ඔන්ලයින් මිලදී ගන්න යනකොට හිතට වදදෙන ප්‍රශ්නයක්. සාමාන්‍යෙන් ඔබ ගැබ් ගැනීමට පෙර ඔබ size 8 නම් ඔබ මිලදී ගත යුත්තේ size 8 ඇඳුම් නිර්මාණ කරුවන් ඔබේ සෙසු මිමි වලට අනුව ගැබිනි බවේදි වෙනස් විය යුතු කොටස් වෙනස් කරලා තමයි මේ ඇඳුම් මහන්නේ. නමුත් මේක හැමෝටම ගැලපෙන්නෙ නැති වෙන්න පුලුවන්. සීඝ්‍ර බර වැඩිවීමදී වේගයෙන් පපුව ප්‍රමානය වෙනස් වෙන අය වගේම වමනය ආහාර අරුචිය වගේ තත්ව මත බර අඩුවෙන අයත් ඉන්නවනේ. ඉතින් ඇඳුම් මිලදී ගන්නකොට හොදම ක්‍රමය තමයි size එක අමතක කරලා fit එක ගැලපෙනවාද බලන එක. ඔන්ලයින් මිලට ගන්නකොටත් size chart එක අනිවාර්‍යෙන්ම බලන්න.

ගැබිනි සමයේ ඔබ අනිවාර්‍යෙන්ම මිලදී ගන්න ඕනි ඇඳුමක් තමයි legging එක කියන්නේ. මුල් මාස තුන ඔබට හුරු පුරුදු ඇඳුම් අඳින්න පුළුවන් වුණත් ඊට පස්සේ කාලේ ඔබට විශේෂ ඇඳුම් උවමනා වෙනවා .වර්දනය වන කුස ඔසවා තබමින් ඇගේ හැඩය හොදින් ඉස්මතු වන legging දැන් වෙළෙඳ පොළේ තියෙනවා. මේවා ඔබ කලින් පාවිච්චි කරපු ඒවාට වඩා වෙනස් වන්නේ උදරය කොටස සඳහා වෙනමම නිර්මාණය කල ඉඩක් ඇති නිසා. ඔබ තවදුරටත් පෙර පාවිච්චි කළ ඒවා ඒවා ඇන්දොත් උදරය මත යෙදෙන පීඩනය වැඩි නිසා සහ ඒවා සෞඛ්‍ය සම්පන්න නොවන අතරම ඔබේ සුව පහසුවත් නැති කරයි.

නූතන විලාසිතා නිර්මාණකරුවන් ගැබිනි ඔබ ප්‍රිය කළ jeans / pants විලාසිතා ගැබිනි කාලයේත් අඳින්න අවස්තාව දීලා තියනවා. මේවායේ එන ඝනකම වැඩි කොටස උදරය මත නොයෙදෙන සේ නිර්මාණය කරනවා. එවිට ඇදෙන සුලු රෙදි කොටසක් මගින් උදරය ආවරණය වන අතර ඔබේ බ්ලවුස් එමගින් එම කොටස ආවරණය වන නිසා පිටින් දකින කෙනෙකුට පේන්නෙ ජීන්ස් එකක් සහ ටොප් එකක් ඇඳ සිටින ආකාරයයි. එදිනෙදා වෙලඳපොලෙන් මේ වර්ගයේ ජීන්ස් / පෑන්ට්ස් කීපයක් ගත්තොත් ඔබට මුලු ගැබිනි සමය, පුරාම අදින්න පුලුවන්.

ගැබිනි ඔබට පමණක් කරන්න පුලුවන් විලාසිතාවක් තමයි මේ printed t shirt විලාසිතාව. ඔබේ දරුවා ගැන පොඩි පොඩි හුරතල් වදන් ලියවුනු හෝ පින්තූර මුද්‍රණය කරන ලද ටී ෂර්ට් වෙළඳපොලෙන් හෝ අන්තර්ජාලය හරහා ඔබට මිලදී ගන්න පුළුවන්. කාලෙන් කාලෙට එන විලාසිතා කරන ඔබට ඉතා සුව පහසුවෙන් හැඩකාර ලෙස මේ වර්ගයේ ටී ශර්ට් අඳින්න පුලුවන්. දකින අයටත් ආසා හිතෙයි. ඒ විතරක් නෙමෙයි, ඔබ කැමතිම v neck t shirt, round neck t shirt, tank top වගේ ඒවා ගැබිණි ඔබට සරිලන ලෙස සරල වර්ණ කීපයකින් යුතුව මිලදී ගන්න පුලුවන්. මේ වාගේ ගැබිනි t shirt ඔබට සොයාගන්න නොහැකි නම් ප්‍රමානයෙන් එකක් හෝ දෙකක් වැඩි t shirt ඔබට අඳින්න පුලුවන්

ගැබිනි සමයේදී උදරය, අත් සහ පපුව ප්‍රමාණයෙන් වැඩි වන නිසා ගවුම් මුලදී ගන්නාවිට සැලකිලිමත් වෙන්න ඕනි. ඒ වගේම ඔබට කිරි දෙන සමයේත් පාවිච්චි කරන්න පුළුවන් වර්ගයෙන් convertible maternity dress වෙළෙඳ පොළේ තියෙනවා .තව ද වර්ධනය වන උදරයක් සමග ඉදිරිපස කොටසේ ඉඩ වෙනස් කරන්න පුලුවන් ගවුම් තියනවා.මේ වර්ගයේ ගවුම් වල කිරිදීම සාඳහා පහසු විවරයන් පිටතට නොපෙනන පරිදි සකස් කර ඇත. මුල් මාස කිහිපයේ අදික මව් කිරි නිෂ්පාදනය නිසා ඇඳුම්වල ඉදිරිපස කොටස වීම පිටතට පෙනීම වැලැක්වීමට ස්ථර කීපයක් යොදා ඇත. එමනිසා මේ වගේ ගවුම් එකක් හෝ දෙකක් මිලදී ගැනීම ඔබ කරන හොඳ ආයෝජනයක්.

emphire waist විලාසිතාව ගැබිණි ඔබට වඩාත් ගැලපෙනවා. ලැම සහ උදරය වෙන වෙනම කැපී පෙනෙන මේ විලාසිතාව මගින් ගැබිනි බවේ ශාරීරික වෙනස්කම් සමඟ ඔබේ හුරුබුහුටි බව තවදුරටත් රඳවා තබනවා.

ඒ සමඟම රැකියාවට උත්සව අවස්තාවට, එදිනෙදා ගමනට ගැලපෙන මේ විලාසිතාවනුත් ඔබට ලස්සන නිසා සාප්පු සාවාරියේ යනකොට මේ වර්ග ගැනත් හොයලා බලන්න.

ඔබේ ප්‍රියතම කුර්තා බ්ලව්ස් ටොප්ස් අලුත් විදිහකට අඳින්න පුලුවන් කාලයක් තමයි මේ. ගැබිනි ඔබ සඳහාම කරන ලද ටොප්ස් වෙලඳ පලේ තිබෙනවා. ඉන් සමහර ඒවා කිරිදෙන කාලයටත් පාවිච්චි කරන්න පුලුවන් ලෙස නිශ්පාදනය කරන ලද ඒවා. එසේ තෝරාගැනීම් නොවන තැනක් නම් ඔබට ප්‍රමානය මදක් වැඩි, ඇඟට හිර නොවන කුර්තා හෝ ටොප්
තෝරාගන්න. ලැමට හරියටම පහලින් පටියක් හෝ බෙල්ට් එකක් දැමීමෙන් ඔබට හොඳ හැඩයක් ගන්න පුලුවන්. ඒ වගේම සැමියාගේ ශර්ට් උනත් ඔබට මේවගේ අඳින්න පුලුවන්.

මේ කතා කරන්නේ feeding bra ගැන නෙමෙයි.මේ කතා කරන්නෙ ගැබිනි සමයේ අඳින බ්‍රා ගැන . හැමෝටම ගැබිනි සමයේ විශේෂයෙන් බ්‍රා අඳින්න අවශ්‍ය නෑ ඒත් සමහරුන්ට කිරි දීම සඳහා පියයුරු වර්දනයත් සමඟ විශේෂ සහයක් අවශ්‍ය වෙනවා. ප්‍රමානයෙන් විශාල පියයුරු ඇති අ‍යට මේ තත්වය බොහෝවිට වෙනවා.හොඳින් පියයුරු ඔසවා තබමින් සුවපහසුව සපයන maternity bra ප්‍රසිද්ද සන්නාම යටතේ මිලට පුලුවන්. ඒ වගේම මේ කාලයට වයර් සහිත බ්‍රා ඇඳීම නිර්දේශ කරන්නෙ නෑ. තවද ගැබිනි සමයට sports bra භාවිතයෙනුත් සුවපහසුව ලබා ගන්න පුලුවන්. පොකට්ටුව ගැන හිතුවොත් ඔබට maternity bra වෙනුවට feeding bra පාවිච්චි කරන්නත් පුලුවන්.

උදරයේ වෙන වෙනස්කම් එක්ක ඔබේ ප්‍රියතම යට ඇඳුම් වලට තාවකාලිකව සමුදෙන්න වෙනවා.ඒක තාවකාලික සමුදීමක්. මොකද ප්‍රසූතියෙන් ටික කලකට පසුව ඔබට නැවත පරණ ඇඳුම් අඳින්න පුලුවන්. මේ විශේෂ පෑන්ටි වලින් එදිනෙදා ඇඳුම් ඇඳීම සුවපහසු කරන අතරම උදරයේ වර්දනයත් සමඟ පෑන්ටි වල හැඩය වෙනස් වේ. උදරයේ මැදක් දක්වා මේ පෑන්ටි වල උස තිබෙනවා. බොහෝ විට කපු රෙදි වලින් නිමවන මේවා හොඳ වායු හුවමාරුවක් දෙනවා.

ගැබිනි සමයේදී ඔබට ගැලපෙන පාවහන් තෝරා ගැනීම ගැන ඉතාමත් සැලකිලිමත් විය යුතුයි .මොකද ඔබගේ ශාරීරික සමබරතාව වැදගත් නිසා .ඒවාගේම වැඩිවන බර සහ ඇඟේ හැඩය වෙනස්වීම සමඟ සුවපහසුව වැදගත් වන නිසා. වෛද්‍ය උපදෙස් මත කුඩා හීල් සහිත ස්ලිපර්ස් හෝ ෆ්ලැට් ලෝෆර්ස්, බැලරීනා ,ෆ්ලැට් ස්ලිපර්ස්, sports shoes දාන්න පුලුවන්.

මේ දේවල් කරොත් ඉතාමත් ගැබිනි කාලේ හැඩට අඳින්න වගේම මුදලුත් ඉතුරු කරගන්න පුලුවන්



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here