ගර්භණි සමයේ ඇතිවන මුත්‍රා ආසාදන ගැන දැනගන්න

0
11


ගර්භණි සමය සැබවින්ම විශේෂිත එකක්මව සේම මව තුල වැඩෙන තවත් ජිවිතයක් සමඟ කරන ආදරණිය ගනුදෙනුවක්ඉතින් මේ නිසාම විශේෂයෙන් වෙනදාට වඩා තමන්ගේ නිරෝගීතාව ගැන සැළකිලිමත් වන්නට ගැබිනියකට සිදුවන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

ගර්භනී සමයේ විවිධ අවස්තාවන් වලදී මුත්‍රා පරීක්ෂණ සිදු කරනවා.මුත්‍ර පරීක්ෂණයේ සුළු හෝ වෙනසක් තිබේ නම් මුත්‍ර වල ප්‍රෝටීන් තත්වය මැන බලන අවස්ථාද තිබෙනවාමේ හැර නිතරම මුත්‍රා සමඟ ග්ලුකෝස් පිටවන්නේදැයි පරික්ෂා කර බලනවා.මෙය මවගේත් වැඩෙන කලලයේත් ආරක්ෂාවට ඉතාමත්ම වැදගත්එයට ප්‍රධාන හේතුව වන්නේ මේ කාලයේදී මවගේ ශරීරයේ ඇතිවන වෙනස්කම් සහ නිත‍ර ප්‍රතිශක්තීකරණය පහළට වැටීමට ලක්වන නිසාවෙන්.

මුත්‍රා ආසාදනයකදී මෙන්න මේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.

බොහෝවිට මෙය සිදුවන්නේ මෙසමයේ සිදුවන හෝමෝන වෙනස්කම් හේතුවෙන් වනවාඉහත රෝග ලක්ෂණ නිතර නිතර ඇති වෙනවානම් එය සාමාන්‍ය තත්වයක් නොවිය හැකියිගර්භනී මුල් කාලයේ ඇතිවන මුත්‍රා ආසාදන ගබ්සා ඇතිවීමට පවා හේතු වෙන අතර බොහෝවිට මවටත් දරුවාටත් බරපතල ගැටළු ඇති කරනවා.

ඒ නිසා ඔබ ගැබිනියක නම් අනිවාර්යයෙන්ම මේ ගැන සැලකිලිමත් විය යුතුම බව මතක තබා ගත යුතුම වෙනවාඒ ඔබ සේම ඔබගේ දරුවාත් අප සැමට මහත් සම්පතක් නිසාවෙන්.

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here