ගමේ කෑම ගමේ රහට – කෙසෙල් මුව වඩේ

0
10


අවශ්‍ය දේවල්

  •  කෙසෙල් මුව 
  • උම්බලකඩ
  • කොච්චි මිරිස් කරල්
  • රතු ළූණු
  • කරපිංචා
  • පරිප්පු  (ග්‍රෑම් 250)
  • පොල් තෙල්

සාදාගන්නා ආකාරය:

කෙසෙල් මුවය හොඳට සෝදා ඉතා සිහින් ලෙස කපා උතුරණ වතුරට දමන්න.

විනාඩි 5 ක් පමණ කාලයක් කපාගත් කෙසෙල් මුව තම්බාගන්න. තම්බාගත් කෙසෙල් මුව වතුර මිරිකාහැර මිරිස්ගලක හෝ වංගෙඩියක දමා තරමක් තලාගන්න.

සුළු මොහොතක් පරිප්පු පෙඟෙන්නට හැර සෝදා ගලෙන් අඹරාගන්න. ඊටපසු ලියාගත් ලූණු, කරපිංචා, කොච්චි, උම්බලකඩ, අඹරාගන්නා ලද පරිප්පු සියල්ල කෙසෙල් මුව වලට දමා ලුනු එකතුකරමින් හොඳින් සියල්ල එකට මිශ්‍රවන සේ අනාගන්න.

පසුව තමන් කැමති ප්‍රමාණයට (වඩයක ප්‍රමාණයට) මිශ්‍රණයෙන් ගුලියක් ගෙන මදක් පැතලි කොට හොඳින් රත්වූ තෙල් තාච්චියකට දමා රන්වන්පැහැ වන තුරු බැදගන්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here