පාස්කු ඉරුදින එල්ල කරන ලද ම්ලේච්ඡ ප‍්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිටත් අධිකරණ කිහිපයක නඩු විභාග කරමින් පවතින අතර වැඩිදුර විමර්ශන කටයුතුද සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව නොමග යැවීමට බොහෝ පාර්ශ්ව අත්වැල් බැඳගෙන සිටිති.
මේ අතරින් අලුතින්ම හෙළිවී තිබෙන්නේ උදය ගම්මන්පිල, සජිත් පේ‍්‍රමදාස, මුජිබර් රහුමාන් ඇතුළු පිරිසක් ජනතාව ව්‍යාකූලත්වයට පත්කිරීම සඳහා ගෙන යන සැලසුම් සහගත ප‍්‍රචාරක ව්‍යාපාරයයි.
පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ විමර්ශන කටයුතු අතරතුර හිටපු බුද්ධි අංශ ප‍්‍රධානියෙකු වන සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමත් සමග විශේෂයෙන්ම සජිත් පේ‍්‍රමදාස පිළ ව්‍යාජ තොරතුරු ප‍්‍රචාරය කිරීමට පාර්ලිමේන්තු මන්තී‍්‍ර වරප‍්‍රසාද පවා උපයෝග කරගනු ලැබීය. සජිත් පිළේ මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේ ඇමති බංගලාවක කාටත් රහසිගතව පාස්කු නඩුවක් විභාග කරමින් පවතින බවය. එය කැලෑ උසාවියක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
ඉන්පසුව උදය ගම්මන්පිල සුරේෂ් සලේගේ නීතිඥයා ලෙස පෙනී සිටිමින් මහා මොළකරු හෙළිකිරීම නමැති ප‍්‍රබන්ධයක් ජනගත කරනු ලැබීය. එම උත්සවයට සමගි ජන බලවේගයේ නායක මෙන්ම විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස එම පක්ෂයේ මහා ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ පාර්ලිමෙන්තු මන්තී‍්‍ර සුජීව සේමසිංහ ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. එම ප‍්‍රහාරය පිළිබඳව එක් නඩුවක් කෙරෙමින් පවතින අධිකරණයට අපහාස කළ මුජිබර් රහුමාන් මූලික ප‍්‍රහාරය එල්ල කළ අතර, මේ වනවිට උදය ගම්මන්පිල සහ මුජිබර් රහුමාන් දෙපිළ බෙදී එකිනෙකාට චෝදනාකර ගැනීමේ රංගනයකට අවතීරණ වී සිටී.
2
Saru News
















