පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් රචිත පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම කෘතිය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වූ විපක්ෂයේ නායකයන් කිහිපදෙනෙකු ඔවුනට දුරකථන මාර්ගයෙන් එල්ල වූ දැඩි දෝෂාරෝපණ හේතුවෙන් එම උත්සවය අතරමඟදී ඒ ස්ථානයෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.
මෙම උත්සවය පැවැත්වුණේ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදීය.
පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුතු පාර්ශ්වය කවුදැයි මැතිවරණ වේදිකාවේදී පුන පුනා ප්‍රකාශ කරමින් ඒ පාර්ශවයේම උත්සවයකට සහභාගි වෙමින් ඔවුනට සුදුහුණු ගෑම ඉතාම කැත පහත් වැඩක් බවට එම දුරකථන ඇමතුම් දුන් අය ප්‍රකාශ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
විපක්ෂයේ නායකයන්ට මෙසේ දුරකථන ඇමතුම් දුන් පිරිස අතර කතෝලික පියතුමන්ලා කිහිප දෙනෙකුද සිටිතියි දැනගන්නට ඇත.
මේ අනුව මේ කාරණය ඉදිරියේදී ජනතාවට හෙළිදරව් කිරීමටද එම පියතුමන්ලා බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තාවේ.
උදය ගම්මන්පිල මහතාගේ එම උත්සවයට විපක්ෂයේ නායකයන් සහභාගි වීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා දැනටමත් සිය කනස්සල්ල පළ කර ඇත.
මූලාශ්‍රය – ලංකාදීප
Saru News
















