ගම්මන්පිලගේ ඔඩොක්කුවට වැටුණු සජිත් මහ මොළකරු සොයයි – Saru News | සිංහල

0
3

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව සිටි හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර යන දෙදෙනා විසින් පාර්ලිමේන්තුවේ දී හෙළි කළ තොරතුරු අනුව සුරේෂ් සලේ, සොනික් සොනික් යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ පුද්ගලයන් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් බව ප්‍රකාශ කර තිබිය දී ගම්මන්පිලගේ මහ මොළකරුවන් හෙළි කිරීමේ අවස්ථාවට සජිත් ප්‍රේමදාස ද එක්වී සිටියේ ය.

පසු අවස්ථාවක හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර ගෝඨාභය රාජපක්ෂගේ කැබිනට් මණ්ඩලයට එක්විය. මේ අතර, එවකට සමගි ජල බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි අශෝක අබේසිංහ ප්‍රකාශ කර තිබුණේ දඩයම කරේ තබා ගෙන ගිය ගෝඨාභය රාජපක්ෂ මහ මොළකරු බව ය. ඔහු එම ප්‍රකාශ කිරීමෙන් පසුව බියට පත්වී සැඟවී සිටීමට පවා සිදු වූ බව ද වාර්තා වී තිබිණි.

මේ වනවිට, දියත් කරමින් එම විමර්ශන සම්බන්ධයෙන් කලබල වූ සියළුම දෙනා උදය ගම්මන්පිලගේ ප්‍රබන්ධ කෘතිය එළිදැක්වීමේ උළෙලට එක්වී සිටි අතර, මෛත්‍රිපාල සිරිසේන, සජිත් ප්‍රේමදාස, සුජීව සේනසිංහ ඇතුළු පිරිසක් එක් වී සිටීම පිළිබඳව නිරීක්ෂකයන්ගේ විශේෂ අවධානය යොමු වී තිබේ.

0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here