කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී පාතාල කල්ලි නායකයකු බව කියන ගනේමුල්ල සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකකරුවකු වශයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බූස්ස බන්ධනාගාරයේ හිටපු ජේලර් මනෝජ් උදයකාන්ත නමැත්තා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
එම සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප ඉල්ලීමක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබූ අතර ඒ අනුව සැකකරු රුපියල් 75000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියෝගයක් කර තිබෙනවා.
මෙම ඇප ඉල්ලීම පිළිබඳ විභාගයේ දී ඉදිරිපත් වූ කරුණු තුළින් මෙම සැකකරු අදාළ අපරාධයට සම්බන්ධ වී ඇති බවට කරුණු අනාවරණය නොවන හෙයින් මොහු ඇප මත මුදාහරිණ බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ කියා සිටියා.
Saru FM Media