පසුගිය පෙබරවාරි 19 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී ඝාතනය කෙරුණු ගනේමුල්ල සංජීව හෙවත් සංජීව කුමාර සමරරත්න නමැත්තාගේ ඝාතනය සඳහා ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා ලැබ, රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බූස්ස බන්ධනාගාරයේ ජේලර් මනෝජ් උදයකාන්ත නමැත්තා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (30) නියෝග කළා.
දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ, එම සැකකරුව රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 75000ක මුදල් ඇප මත මුදා හරින ලෙසටයි මහාධිකරණ විනිසුරුවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කළේ.
එම නඩුවේ 13 වැනි සැකකරු ලෙස නම් කර තිබූ සැකකාර මනෝජ් උදයකාන්ත නමැති ජේලර්වරයා අදාළ ඝාතනයට කිසිදු ලෙසකින් සම්බන්ධ බවට තම අධිකරණයේ දී හෙළි වී නොමැති බව අධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළා.
සැකකාර ජේලර්වරයා වෙනුවෙන් නීතිඥ සුරංග පෙරේරා මහතා කරුණු දක්වනු ලැබූ අතර ඒ අනුවයි විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කළේ.
Saru FM Media