ගත වූ තෙදින තුළ සැදැහැවතුන් ලක්ෂ තුනක් දළදා සමිඳුන් වැඳපුදා ගනී

0
8


මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩ වෙසෙන අති උතුම් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනාමාන කර ගැනීමේ අවස්ථාව හිමිකර දෙන “සිරි දළදා වන්දනාවේ” තෙවන දිනය වූ අද දිනයේත් දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගත්තා. 

මධ්‍යහන 12.00 සිට පස්වරු 05.30 දක්වා කාලය ඒ සඳහා වෙන් කර තිබුණා. 

ඒ, පිළිබඳ තොරතුරු මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීරගෙන්.

Neth Sound · COR KAMAL 06.45

දළදා සමිඳුන් වැඳපුදා ගත් සැදැහැවතුන් සහ දළදා වහන්සේ වැඳපුදා ගැනීමට පෝළිම්වල රැඳී සිටින සැදැහැවතුන් සිය අත්දැකීම් විස්තර කළේ මෙලෙසයි. 

Neth Sound · PEOPLE CUT 01

මේ අතර මහනුවර නගරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබාදෙන සහන පුළුල් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවසුවා.

Neth Sound · KANDY G A 01

මේ අතර “සිරි දළදා වන්දනාව” අතරතුර පරිසරය පිරිසිදුව තබා ගැනීමට “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනෙන් දක්වන දායකත්වය පිළිබඳව ද ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපෝන්සු මහතා අදහස් පළ කළා.

Neth Sound · CLEAN SRI LANKA 02

හෙට දිනයේ ද මධ්‍යහන 12.00 සිට පස්වරු 05.30 දක්වා කාලය තුළ දළදා සමිඳුන් වැඳපුදා ගැනීමේ අවස්ථාව සැදැහැවතුන්ට හිමිකර දී තිබෙනවා. 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here