ගණිකාවෝ 80,000කට වැඩිය ඉන්නවා

0
1

නෛතික පාලනයක් ඇති කරන්න
මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා

ලංකාවේ ලිංගික ශ්‍රමිකයින් අසූ දහසකට (80,000) අධික පිරිසක් සිටින බව සමීක්ෂණයකින් හෙළි වී ඇති බවත් ඔවුන් සියලුදෙනා ලියාපදිංචි කර නෛතික පාලනයට නතු කළ යුතු බවත් මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා ඊයේ (24 වැනිදා) මාධ්‍ය හමුවේ පැවැසීය.

පාසල හරහා ලිංගික අධ්‍යාපනය මීට වඩා ප්‍රචලිත කළයුතු බවත් මහාචාර්යවරයා කියා සිටියේය.

ප්‍රජා ශක්ති සංවර්ධන පදනම මගින් ඊයේ කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවේදී මහාචාර්යවරයා එසේ කීය.

ලිංගික ශ්‍රමිකයින්ට මූලික මිනිස් අයිතිවාසිකම් තිබිය යුතු බවද මහාචාර්යවරයා කියා සිටියේය. ලිංගික ශ්‍රමිකයින් ලෙස කටයුතු කරන කාන්තාවන්, පුරුෂයින් යම් පිළිගැනීමකට ලක්කළ යුතු බවද හෙතෙම කීය.

මෙම මාධ්‍ය හමුවේදී කතා කළ වෛi හරිස්චන්ද්‍ර පනන්දාවල මහතා පැවසුවේ මේ වනවිට ලිංගික ශ්‍රමිකයින් සියයට 95ක්ම කොන්ඩම් භාවිත කරන බවය. එබැවින් මේ වනවිට ලිංගික ශ්‍රමිකයින් බොහෝදෙනකු ආරක්ෂිත ක්‍රම භාවිත කරන බවත්, එබැවින් සමාජ රෝග ද අඩුවී ඇති බවත් හෙතෙම කීය.

පෙර පාසල් අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ට, ප්‍රාථමික අංශයේ අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ට, ඊට ඉහළ පන්තිවල ඉගෙන ගන්නා දරුවන්ට වෙන වෙනම ලිංගික අධ්‍යාපනය ඉගැන්විය යුතු කාලය එළැඹී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

බොහෝ පාසල් දරුවන් ලිංගික අවයව ගැන, ලිංගික ක්‍රියාවලිය ගැන දැනුවත් නොමැති බවද ඒ මහතා කීය.

මෙහිදී කතා කළ ප්‍රජා ශක්ති සංවර්ධන පදනමේ විධායක අධ්‍යක්ෂ එච්. ඒ. ලක්ෂ්මන් මහතා සඳහන් කළේ ලිංගික ශ්‍රමික කාන්තාවන් කොන්කිරීම හා නොසලකා හැරීම නොමැතිව සමාජගත කිරීම සඳහා සියලුදෙනා හැඩ ගැසිය යුතු බවය.

දැනටමත් තම පදනම කොළඹ, කුරුණෑගල, හම්බන්තොට දිස්ත්‍රික්කවල ලිංගික ශ්‍රමිකයින් දසදහසක පිරිසක් සමග වැඩකටයුතු කරගෙන යන බවද ඒ මහතා කීය.

පදනමේ ප්‍රධාන විධායක නිලධාරිනී එම්. එස්. නුරාධා ජයසේකර මහත්මිය ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූවාය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here