ව්‍යංජන, සම්බෝල සහ සලාද වර්ග රසවත් කිරීමට දෙහි මෙන්ම යොදාගත හැකි ගඩා දෙහි ඖෂධීය ගුණය අතින් ද ඉතා ඉහල ය. විශාදි, ගඩු, රත, ශරීරගත විෂ, සන්ධිගත ආබාධ, අජීර්ණ, උදරයේ වාතය එකතු වීම අතුළු උදරාබාධ, ඔක්කාරය, හිස්හොරි ආදී විවිධ රෝගවලට ප්‍රතිකාර කිරීමේදී ගඩාදෙහි ශාකයේ කොළ සහ ගෙඩි භාවිතා කරයි.
මුරුවා කොළ, රදලිය කොළ, ගඩාදෙහි කොළ කොටාගත් යුෂ ලුණු දියරෙන් අඹරා, එයින්ම කකාරා ගෑමෙන් ගඩු සහ රත රෝග සුව වන බව සඳහන්. ගම්මිරිස් කොළ, ගඩා දෙහි කොළ කොටා උණු අළුවෙන් තම්බා ගෑමෙන් ශරීරයේ ඇතිවන විශාදි සුව වෙයි. ගඩා දෙහි, වැල් පෙනෙල, උළුහාල් කොටා වණ්ඩුවේ තම්බා තැවීම කොර වූ සන්ධි දිග හැරීම සඳහා යොදන ප්‍රතිකාරයකි.
ගඩාදෙහි කොළ තායිලන්තයේ සුප් සඳහා යොදන ප්‍රකට රස සහ සුවඳ කාරකයකි. මෙරට ගැමියන් අනාදිමත් කාලයක සිට කිතුල් මල් පදම් කිරීම සඳහා මෙම ගෙඩිවල යුෂ භාවිතා කර ඇත. ගඩාදෙහි ගෙඩි තම්බා පොඩිකර හොඳින් හිස ගල්වා නෑමෙන් හිස්හොරි සුවවෙයි. මෙම ගෙඩිවල පොත්තෙන් නිස්සරණය කර ගන්නා සගන්ධ තෙල් රූපලාවන්‍ය නිශ්පාදන සඳහා යොදා ගන්නා බව සඳහන්.
මූලාශ්‍ර_ තල්පතේ පිලියම් කෘති සහ අන්තර්ජාලයෙන්

Saru FM Media