ඊයේ ( 20 ) ලුණුගම්වෙහෙර පොලිසියට ලද තොරතුරක් මත , එහි නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයුමක් සිඳු කර ගංජා හේන් තුනක් වටලා තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ .
මතගල්පියස්ස , නුගේවැව ප්‍රදේශයේ එම මෙහෙයුම සිදු කර තිබේ . නීති විරෝධී ලෙස වගා කර තිබූ අක්කර 03 ක පමණ භූමි ප්‍රමාණයේ වගා කර තිබූ ගංජා පැල 15914 ක් විනාශ කර ඇත.
එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30, 31 හා 34 වයස්වල පසුවන තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවන් බස බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කර තිබේ .
ලුණුගම්වෙහෙර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Saru FM Media