ගංජා පාර්සලයක් සමඟ පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

0
4

කේරළ ගංජා කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 970ක් සමඟ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඊයේ (04) දින අත්අඩංගුවට ගත් බව වවුනියාව ඊරට්ටපෙරියකුලම පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වවුනියාව පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි. 

වවුනියාව පොලිස් නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් ඊරට්ටපෙරියකුලම පොලිසිය වෙත භාරදුන් පොලිසිය පැවසූහ.

අත්අඩංගුවට ගත් ගංජා තොගය හා සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් ඊරට්ටපෙරියකුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here