ගංජා තොගයක් සමඟ සැකකරුවන් 03ක් අල්ලයි

0
2

තණමල්විල පොලිස් වසමේ නිකවැව ප්‍රදේශයේදී තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර වගා කර තිබූ ලක්ෂ 04 ක පමණ ගංජා ගස් ප්‍රමාණයක් සහ වියළි ගංජා කිලෝ 128 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අවුරුදු‍ 38, 52, සහ 61 වයස්වල පසුවන ඇඹිලිපිටිය සහ මිද්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. වගා කර තිබූ විවිධ ප්‍රමාණයේ උසින් යුත් ගංජා ගස් කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට සාම්පල් ලෙස ලබා ගෙන ඉතිරිය එම ස්ථානයේ විනාශ කිරීමට කටයුතු කර ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here