ගංජා ගෙනියද්දී ඇල්ලූ වැඩ තහනමට ලක් වූ පොලිස් පරීක්ෂක

0
5


රුපියල් 450,000ක් පමණ වටිනා ගංජා සමග වැඩ තහනමකට ලක් වූ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයට ගංජා බෙදන ප්‍රධාන ජාවාරම්කරුවන් දෙදෙනකු මෝටර් රථයකින් ගමන් කරමින් සිටින අවස්ථාවේ අනුරාධපුර නගරයේ දී අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකකරුවන්ව ඊයේ (22) සවස අත්අඩංගුවට ගන්නා ලද බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී රුපියල් හාරලක්ෂ පනස්දහසක් පමණ වටිනා ගංජා කිලෝග්‍රෑම් 02ක් ද, පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් හා ගංජා තොගය සහ මෝටර් රථය අද (23) දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here