ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.
ඔහු සිය තීරණය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, ඉන්දීය කණ්ඩායම ලබන මාසයේ එංගලන්තයේ පැවැත්වෙන තරග පහකින් යුත් ටෙස්ට් තරගාවලියකට සහභාගී වීමට නියමිතව ඇති පසුබිමක් තුළයි.
ඒ අනුව එම තරගාවලියෙන් අනතුරුව අදාළ තීරණය සම්බන්ධයෙන් සලකා බලන ලෙස ඉන්දීය ක්‍රිකට් බලධාරීන් කෝලිගෙන් ඉල්ලා තිබෙනවා.
කෙසේවෙතත් එම ඉල්ලීම සම්බන්ධයෙන් කෝලි මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.
ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් ඉනිම් 210ක් ක්‍රීඩා කර ඇති විරාත් කෝලි මේ වන විට රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 9,220ක්.
ඔහු ශතක 30ක් සහ අර්ධ ශතක 31ක් ද රැස්කරගෙන සිටිනවා.
ඉන්දීය ටෙස්ට් නායක ලෙස කටයුතු කළ රෝහිත් ශර්මා ද ටෙස්ට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව මීට පෙර නිවේදනය කළා.
Saru FM Media