කෝමර්ෂල් බැංකුවේ කෝටි ගණනක මුදල් උස්සා ඇති බවට ඩිජිටල් ලොක්කා CIDයට පැමිණිලි කරලා! 

0
4

මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක් වන කමර්ෂල් බැංකුවේ තිබූ රුපියල් කෝටි ගණනක මුදලක් ඉතා සූක්ෂ්ම අයුරින් සංවිධානය වූ පිරිසක් විසින් කොල්ල කා, එම මුදල් තවත් බැංකු කිහිපයක ගිණුම් වෙත වංචනික අයුරින් යොමු කරවාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

අදාළ පෞද්ගලික බැංකුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් නිර්මාණය කර ඒ ඔස්සේ ගිණුම් හිමියන්ගේ තොරතුරු සූක්ෂ්ම අයුරින් ගෙන මෙලෙස රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කර ඇතැයි දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය අන්තර්ජාල අවේක්ෂණ හා බුද්ධි ඒකකයේ නිලධාරීහු එලෙස වංචා කරන ලද මුදල් තවත් පෞද්ගලික බැංකු 04 ක සහ රාජ්‍ය බැංකුවක ගිණුම් වෙත වංචනික ලෙස යොමු කරවාගෙන තිබෙන බව විමර්ශනයේදී අනාවරණය වූයේ යැයි දන්වා සිටියහ.

 පෞද්ගලික බැංකු වන සේලාන්, සම්පත්, නේෂන් ට්‍රස්ට් හා ෆෑන් ඒෂියා බැංකුවලට ද රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට ද මෙසේ කොමර්ෂල් බැංකු ගිනුම් හිමිකරුවන්ගේ ගිනුම්වල තිබූ මුදල් මාරුකර ඇති බව හෙළිව තිබේ.

අදාළ පෞද්ගලික බැංකුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කර එම බැංකුවේ ගිණුම් 99 ක තිබූ මුදල් වංචා කර ඇති බව සඳහන් කරමින් අතුරුගිරියේ පදිංචි එම බැංකු මූලස්ථානයේ ඩිජිටල් බැංකු අංශයේ විධායක නිලධාරි ජනිඳු දේශාන් රණවක ද කොස්තා විසින් කරන ලද පැමිණිල්ලක් මත මේ පිළිබඳ විමර්ශන ආරම්භ කළ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණය වෙත දන්වා සිටියහ.

මෙම සිද්ධියට අදාළව කරන විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

📌සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here