රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු කබීර් හෂීම් මහතා අද (12)තේරී පත්විය.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පුරප්පාඩු පිරවීමට එම කාරක සභාව ඊයේ රැස්වූ අවස්ථාවේදී නව සභාපති තෝරා පත් කර ගනු ලැබීය.
සභාපතිධුරය සඳහා කබීර් හෂීම් මහතාගේ නම ජේ.සී. අලවතුවල සහ රෝහිත අබේගුණවර්ධන යන මහත්වරු විසින් පිළිවෙලින් යෝජනාකර ස්ථිර කරන ලදි.
Saru FM Media