අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින කෙහෙල්බද්දර පද්මේට අයත් ගම්පහ ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 5කට අධික වටිනාකමින් යුත් ඉඩමක් සහ ගොඩනැගිල්ලක් නීති විරෝධි වත්කම් පවරා ගැනීමේ ඒකකය භාරයට ගෙන ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයා ගත් මුදල්වලින් මෙම දේපොළ මිලදී ගෙන ඇති බව තහවුරුවීමෙන් අනතුරුව එය මෙසේ සිය භාරයට ගැනීමට නීති විරෝධි වත්කම් පවරා ගැනීමේ කොට්ඨාසය කටයුතු කර ඇත.
එම කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් ඊයේ පෙරවරුවේ ගම්පහ ප්‍රදේශයට ගොස් කෙහෙල්බද්දර පද්මේට අයත් මෙම දේපොළ පවරාගෙන සිය භාරයට ගැනීමට කටයුතු කර තිබිණි.
හේමන්ත රන්දුණු
Saru FM Media