කෝටි 11කට අධික වටිනා කුෂ් කටුනායකින් හමුවේ

0
7

රුපියල් කෝටි 11කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය අඩංගු ගමන් මල්ලක් කටුනායක ගුවන්තොටුපලේ ගුදම් ගබඩාවක තිබී සොයාගෙන ඇත.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් රාජසන්තක කරන ලද සහ ගුවන් මගීන් විසින් අත්හැර දමන ලද ගමන් මලු‍ සහ භාණ්ඩ රදවා තබන ගුදම් ගබඩාවේ මෙම මත්ද්‍රව්‍ය අඩංගු ගමන් මල්ල තිබී ඇති බවයි වාර්තා වේ.

මෙම ගමන් මල්ල පසුගිය මාර්තු මස 17 වනදා තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ගුවන් මගියෙකු විසින් අත්හැර දමාගොස් ඇති බව හෙළිව තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here