කෝටි 10 කට වැඩි කුෂ් තොගයක් ගුවන්තොටුපොළේදි අත්අඩංගුවට

0
5

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ග්‍රීන් චැනලයේ රාජකාරියේ නිරතව සිටි ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් අද (05දා) උදෑසන කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට හොර රහසේ රැගෙන ඒමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් 43 හැවිරිදි මෙම ඉන්දිය ජතිකයා අද උදෑසන 7.45 ට පමණ එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් යානයක් මගින් දිල්ලියේ සිට පැමිණි මගියෙකි.

මොහු ගුවන්තොටුපොළේ ග්‍රීන් චැනලය ඔස්සේ පිටව යාමට තැත් අවස්තාවේ
රේගු නිලධාරීන් විසින් මොහුගේ ගමන් මල්ලේ සඟවා තිබූ කිලෝ ග්‍රෑම් 10.75 ක් පමණ බර කුෂ් තොගයක් සොයා ගනු ලැබුවේය.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 107.5ක් ලෙසට තක්සේරු කර ඇති බව ශ්‍රී ලංකා රේගුව කියා සිටී.

සැකකරු සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරීක්ෂණ හා නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දීමට නියමිතයග

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here