කෝටි 06ක කුෂ් මත්ද්‍රව්‍ය සමග කාන්තාවන් තිදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට

0
8


කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ව්‍යාපාරික කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්. 

සැකකාර කාන්තාවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් තොටුපොළ සියලුම පරීක්ෂණ නිමවා ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදීයි. 

ඔවුන් ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට, ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා. 

සැකකාර කාන්තාවන් තිදෙනාf රැගෙන ආ ගමන් මලු 04ක සඟවා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05යි ග්‍රෑම් 248ක් සොයාගෙන තිබෙනවා. 

එම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිළදී ගෙන පළමුව ඉන්දියාවේ බැංගලෝර් නුවර වෙත රැගෙන පැමිණ පසුව මෙරටට රැගෙනවිත් ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ. 

එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් හය කෝටි විසි නව ලක්ෂ හැත්තෑ හය දහසක් පමණ වන බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැවසුවේ. 

අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා අවුරුදු 25, 48 සහ 50 යන වයස්වල පසුවන කොළඹ, වැල්ලම්පිටිය සහ මාළිගාවත්ත ප්‍රදේශවල පදිංචිකාරිණියන් බවට අනාවරණ වී තිබෙනවා. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here